IMG-LOGO

සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ රුමේනියානු අගමැතිට දඩ

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත.

ඒ අනුව ගෘහස්ත දුම්පානය සහ රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට එලෙස දඩ ගෙවීමට සිදුව තිබේ. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා ගොඩනැගිල්ලක් තුළට වී දුම්පානය කර ඇති අතර රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් ද පවත්වා ඇත.

එම රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු තවත් කිහිපදෙනකු සහභාගී වී තිබෙන අතර ඔවුන් කිසිවකුත් සමාජ දුරස්ථභාවයට අදාළ නියෝග හා සීමා පිළිපැද නැතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

රුමේනියානු මාධ්‍ය මෙම සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා සහ තවත් කිහිපදෙනකු දුම්පානය කරන අයුරු මේස මත ආහාර සහ මත්පැන් බෝතල් තිබෙන අයුරු ද එම ඡායාරූපවල දැක්විණි. ඡායාරූපයේ සිටි කිසිවකුත් මුඛ ආවරණ පැළැඳ නොසිටි බවත් ඔවුන් කිසිවකුත් සෞඛ්‍යාරක්ෂිත දුරස්ථභාවය පවත්වා නොගත් බවත් වාර්තා විය.
සිය උපන්දිනය යෙදී තිබුණු මැයි 25 වැනිදා මෙම ඡායාරූපය ගත් බව රුමේනියානු අග්‍රාමාත්‍යවරයා මීඩියාෆැක්ස් පුවත් සේවයට පවසා තිබිණි. රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
රුමේනියාවෙන් අද (31) පස්වරු වනවිට ආසාදිතයන් 19,133 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 1,259ක් ලෙස දැක්විණි.

අල්ජසීරා

ඡායාරූප – රොයිටර්/ට්විටර් සමාජ මාධ්‍ය ජාලය 

055



අදහස් (18)

සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ රුමේනියානු අගමැතිට දඩ

Rohana Sunday, 31 May 2020 02:07 PM

අන්න දැක්කද නීතිය සැමට සමසමව... ඒකට ලංකාව ගැන කියලා වැඩක් නැහැ.

:       0       0

තිව් Sunday, 31 May 2020 02:07 PM

මේ වගේ ලෝක පුවත්, මාස 6කට කලින් අපිට අහන්න ලැබුණේ නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 02:20 PM

ඒ වුණාට අගමැතිතුමෝ, අපේ රටට ඕවා අදාල නැහැනේ... මොකද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ බලපුළුවන්කාරකම් මතනේ... ඉතින් රටේ මේ වගේ ක්‍රමයක් ඔබතුමාගෙ රටේත් තිබුණා නම් ඔන්න ඔබතුමා ගොඩේ ගොඩ...

:       0       24

නුවන් Sunday, 31 May 2020 03:02 PM

අපේ රටේ එහෙම නෑ. උපහාර කරනවා..

:       0       22

E saman Sunday, 31 May 2020 03:05 PM

පුළුවන් නම් ලංකාවේ එහෙව් දෙයක් කරහල්ලකෝ බලන්න.

:       0       26

සිරිබිරිස් Sunday, 31 May 2020 04:11 PM

අන්න බලන්න ඒ රටවල්.... ඒකට... (එක්කෝ ඕනැ නැහැ. නිකං මොකටද අමාරුවේ වැටෙන්නේ)...

:       0       18

Laksitha Paris Sunday, 31 May 2020 04:42 PM

අපේ එහෙම නැහැ .. අපේ දේශපාලකයින් ඉන්නේ ගොඩක් ඉහළින්....

:       0       21

vidya Sunday, 31 May 2020 05:33 PM

එහෙනම් ලංකාවෙත් මෙය සිදුවෙයි.

:       0       0

chandra Sunday, 31 May 2020 05:38 PM

මියගිය ඇමති තොන්ඩමන් මහතාගේ දේහය බලන්න අගමැති රෝහලට ගිය අවස්ථාවේදී දුරස්ථභාවය ගැන DIG අජිත් රෝහණ මහත්මයාට, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාට, හමුදාපති Lt .Gen. ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අයවලුන් රුමේනියාවේ හිටියා නම් ඒ අගමැතිටත්, අපේ අගමැතිට වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

:       0       50

Binkunndaa Sunday, 31 May 2020 06:13 PM

ලංකාවේ නම් තව අවුරුදු 100 කට වත් වෙන්නේ නැති වැඩක්.

:       0       23

lambat Sunday, 31 May 2020 06:24 PM

කවුරුවත් බයවෙන්න එපා.. අපේ ලොකුතුමාට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. එහෙම ප්‍රශ්න දාන්න පුළුවන් ජගතෙක් මේ රටේ නැහැ. අපේ සර්වබලධාරියා එතුමායි. එතුමාට උඩින් යන්න මේ වර්ග කිලෝමීටර් 65600 ඇතුලේ කපුටෙකුටවත් බැහැ.

:       0       35

කපුරු හාමි Sunday, 31 May 2020 08:57 PM

ඒකටත් එක්ක අපේ රටේ ඒකේ අනික් පැත්ත...

:       0       21

sadis Monday, 01 June 2020 01:16 AM

ඒ එහෙ, මේ මෙහෙ! ඇයි සෙල්ලම් පාර්ලිමේන්තුව... තොන්ඩමන්ගේ අවමගුල...!!!

:       0       24

සෑම් Monday, 01 June 2020 01:52 AM

එ්කට අපේ ලංකාවේ නායකයින් දෙන්නා...

:       0       47

මුණසිංහ Monday, 01 June 2020 02:15 AM

ලංකාවේ නම් එහෙම නැහැ නෙවෙයි එහෙම බැහැ.

:       1       53

Siva Monday, 01 June 2020 03:12 AM

අපේ අගමැති දුම් බොන්නේ නැ... අපේ "ස" එහෙම කරන් නෑ.. "රුමේනියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. තාලෙට කියවලා මේ පාරත් ගිහින් ඡන්දෙ දීලා දිනවන්න.

:       1       82

rama Monday, 01 June 2020 03:50 AM

සිවා කියන්නකෝ එහෙනම් කවුද දිනවන්න ඕනෑ කියලා...

:       46       2

sarath perth Monday, 01 June 2020 05:06 AM

ලංකාව කියන්නේ විශේෂිත රටක්නේ... නීතිය නවන්න පුළුවන්නේ...

:       0       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site