( රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
ඇදිරි නීතිය අවස්ථාවේ රැස්ව බීමත්ව ගී ගයමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් මත අද (29) සවස වාරියපොල සියඹලාකැලේ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකල මෙම වැටලීමේදී පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිණ.
විසි දෙනෙකු පමණ මෙම සාදයට එක්ව සිට ඇති අතර පොලිසිය එහි යන අවස්ථාවේ දී පිරිසක් පලාගොස් ඇත.
එම අවස්ථාවේ දී පිරිස සාදයට යොදාගත් බෆල් කීපයක් ඇතුලු උපකරණ කිපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
පිරිස ඉදිරි දිනයේදී වාරියපොල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පැනගිය පිරිස අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි.
වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිමල්, උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ ඇතුලු නිලධාරින් පිරිසක් වැටලීමට එක්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාදයක් පැවැත්වූ පිරිසක් වාරියපොළදී අත්අඩංගුවට
lalithm Sunday, 29 March 2020 03:15 PM
මෙහෙමත් මෝඩයෝ. මොවුන්ට මහජනයාට පෙනෙන විදියට ප්‍රසිද්ධ දඬුවම් දෙන්න ඕනේ. එතකොට තමා ලංකාවේ අයවලුන්ට දැනෙන්නේ.
wije Sunday, 29 March 2020 04:13 PM
රටේ මෙච්චර විනාසයක් වෙලා තියෙද්දිත් මෙච්චර අවදානමකට රට වැටිලා තියෙද්දිත් මුන්ට කිසිම ගානක් නැහැ. මේ වගේ අය නිසා තමයි අහිංසක මනුස්සයකුට කඩයට ගිහිල්ලා හාල් කිලෝ 1ක් අරගෙන එන්න විදියක් නැත්තේ.
Rasika Sunday, 29 March 2020 04:54 PM
ජනාධිපතිතුමනි, මෙවැනි දේ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන්න.
චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 29 March 2020 07:28 PM
කරුණාකර මෙවන් වගකීම් විරහිත මෝඩයින් ලෙස හැසිරෙන සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගීමට යොදවන්න.. මෙවන් කාලයක ඔවුන්ට දිය යුතු හොඳම දඬුවම සහ සමාජයට ඔවුන්ගෙන් සිදුවන ප්‍රබල අනතුරට කදිම පාඩම එයවනු ඇත..
ranjith Monday, 30 March 2020 12:13 AM
මේ වගේ අයට වෙඩි තියන්න තමයි තියෙන්නේ...
MD Monday, 30 March 2020 03:42 AM
නැව ගිලෙනකොට වෙන්න තියෙන දේ වෙන්න ඇති.