IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞඛ්‍ය අංශවලට පුටින්ගෙන් බෝනස්

නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට මුදලින් ප්‍රසාද දීමනා දෙන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පොරොන්දුවක් දී ඇත.

කෙසේ නමුත් ඇතැම් වෛද්‍ය සේවකයන්ට මුදල් වරප්‍රසාද තියා කිසිදු වරප්‍රසාදයක් ලැබී නැති බවත් ඇතැම් වෛද්‍ය සේවකයන්ගේ නිවාසවලට සහ සේවා ස්ථානවලට නිරන්තරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් පැමිණෙන බවත් වාර්තා වේ.

මසකට ඇමෙරිකානු ඩොලර් 1,100කට ආසන්න මුදලක් දක්වා වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට මුදලින් ප්‍රසාද දීමනා දෙන්නැයි රුසියානු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර මෙය රුසියානු ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාවේ සිදු වූ විශාල ජයග්‍රහණයක් යැයි ද පැවසේ. රුසියාව 1990 වසරේ ඇති වූ ව්‍යාකූලත්වයෙන් පසුව රට තුළ ප්‍රතිසංස්කරණ සිදු කළ අතර රටට නව ජීවයක් දීම සඳහා වෙනස්කම් ද කළේය.

පළාත් 29ක් සිය නියෝග නොතකා හැර ඇති බවත් ප්‍රසාද දීමනා ලැබී ඇත්තේ රටපුරා සිටින වෛද්‍ය සේවකයන්ගෙන් අඩකටත් අඩු පිරිසකට බවත් රුසියානු ජනාධිපතිවරයා පැවැසීය.

මේ වනවිට තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ රුසියාවෙනි. රුසියාවෙන් අද (26) පස්වරු 6 වනවිට වාර්තා කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,62,342ක් විය. එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,807ක් විය.


‘ද නිව්යෝක් ටයිම්ස්’

055



අදහස් (4)

සෞඛ්‍ය අංශවලට පුටින්ගෙන් බෝනස්

SL Tuesday, 26 May 2020 03:47 PM

අන්න ඇත්ත... පුටින් ගේ වැඩ... කෝ අපේ හිටන්?

:       0       0

victor Tuesday, 26 May 2020 07:01 PM

රුසියාවේ ප්‍රවෘත්ති රුසියාවෙන් ගන්න. අැමෙරිකාවෙන් රුසියන් ප්‍රවෘත්ති ගන්න ගියාම ඔහොම වැරදි වෙනවා...

:       0       0

kamal Tuesday, 26 May 2020 10:05 PM

ලංකාවේ තියෙන පඩියත් කපලා දානවා.. ඇත්තටම මේ සම්බන්ධව වැඩ කරන අයට විතරක් හොයලා බලලා අමතර ගාණක් දෙනවා වෙනුවට.., නිකන් ගෙදර ඉන්න අයටත් පඩි දීලා, මේ අයගේ කපලා. මොලයක් නැති හරක් ඉන්නේ ලංකාවේ. හම්බයෝ අල්ලන්නේ නැතිව තියෙයිද?

:       0       0

Sarath Wednesday, 27 May 2020 03:59 AM

අපේ සූටින් මාටින් තියෙන පඩියත් කපලා හෙදියන්ගේ. ඉතින් කොහෙද බෝනස් දෙන්නේ...?

:       114       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site