තමා විසින්ම පනවන ලද නියෝග කඩකිරීම හේතුවෙන් එල්ල වූ විරෝධය ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කැතරීන් කෝල්ඩර්වුඩ්ට එම ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් ඇය දෙවරක් ඇයගේ පෞද්ගලික නිවහනක් වෙත ගොස් ඇත. ‘ස්කොටිෂ් සන්’ පුවත්පත ඇය නිවසට යන ඡායාරූප පළකිරීමෙන් අනතුරුව පොලිසිය ඇයට අනතුරු ඇඟවීමක් ද කර තිබූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් ඇය දෙවැනි වරටද නිවස වෙත ගොස් ඇති අතර විපක්ෂයෙන් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් වෛද්‍යවරියට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
ඒ අනුව තමා කළ වරදට සමාව ඉල්ලූ ඇය ඉදිරියට ධුරයේ කටයුතු කරන බව මුලදී ප්‍රකාශ කළාය. කෙසේ නමුත් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇයට ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඉරිදා රාත්‍රියේදී නිවේදනයක් නිකුත් කරමින් ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
බී.බී.සී./ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේද, ස්කොට්ලන්තයේද?
ස්කොට්ලන්තයෙයි, බ්‍රිතාන්‍යයෙයි වෙනස නොදන්නවා වගේ .
එහෙ නම් එහෙම තමයි... නමුත්මෙහෙ මලාට අස්වෙන්නේ නැහැ කව්රුවත්...
ඒකටත් එක්ක අපේ රටේ ඉන්න එකාලා? දාලා යන්ඩ කැමතිම නැහැ. මොන ගේමක් ගහලා හරි එල්ලීගෙනමයි ඉන්ඩ හදන්නේ ?
ස්කොට්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.
නීති තියෙන්නෙ පොඩි මිනිහාට විතරයිනෙ. ඇයි මේ නිලධාරිනියට මේක තේරෙන්නෙ නැත්තෙ?
එයාත් ඉතින් අනිත් අය වගේ ඉන්න තමයි බලලා තියෙන්නේ , නමුත් දැඩි මහජන විරෝධය නිසා යන්න වෙලා වගේ...
අනේ ලංකාවට එන්න. මෙහෙ බෙදන්නේ විවිධ හැදි වලින්. ගැටලුවක් නෑ.
ඒ රටවල තියන මහත්මා දේශපාලනය ලංකාවෙ දකින්න වෙනවා අඩුයි. මොකද බලයේ සිටින්නනේ මෙ හැමදේම කරන්නේ...
අපේ දොස්තරලා නම් හැදුනුම්පත අදිරි නිති බලපතක් වශයෙන් භාවිත කරමින් පුද්ගලික නොවන වැඩ වලට රට වටේම රවුම් ගහනවා... කිසිම ප්‍රශ්නයක් නැහැ ...