(ඩයනා උදයංගනී සහ රංජන් කස්තුරි)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන ගුවන් නියමුවෙකුද කොරෝනා වැළඳී ඇති අතර ඔහු මේ වන විට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම ගුවන් නියමුවා ඉකුත් දිනවල කටුනායක සිට සිංගප්පූරුව දක්වා ගුවන් ගමන් වාර කිහිපයක් ගොස් තිබෙන අතර ඉකුත්දා කොළඹ පැවැති පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමටද සහභාගිවී ඇතැයි පැවසේ.
මේ අතර එම ගුවන් නියමුවා සමඟ සිටි අනෙකුත් ගුවන් කාර්ය මණ්‍ඩලයද මේ වන විට නිවෙස්වල තබා ස්වයං නිරෝධානයකකට ලක් කරන බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනේ. ආණ්ඩුව තවත් ඉන්න ගුවන් තොටුපොළවල් වහන්නේ නැතුව. මුළු රටම කොරෝනා උණ ගැන හිතද්දී ජනාධිපති ඇමතිවරු ඇතුළු කොරෝනා ආණ්ඩුවට ඡන්ද උණ.
සිංගප්පුර රෝහලකට ඇතුලත් නොකර ඇයි මේ ලංකාවේ රෝහලකට ඇතුලත් කලේ.
ජීවිතය පරදුවට තබා දිවා රාත්‍රී සේවය කරන මෙම මහතාට උපරිම සේවයන් සලසා ප්‍රතිකාර කර නැවතත් ගුවනේ පියාසර කරන්නට උදව්වන්න . ඔබතුමාට තෙරුවන් සරණයි .
අපේ රට දිවයිනක් නිසා රෝග පාලනයකරන්න ලේසියි තොටුපළවල් වසා දැමීමෙන්. පාඩුව ගැන නොසිතා ගුවන් තොටුපලවල් ටික කාලෙකට වසාදමන්න. රෝගය පැතිරුනොත් ඊට වඩා ආර්ථික පාඩුවක් රටට වෙනවා.
අපේ උතුමාණොත් කොළඹ පැවැති පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමටද සහභාගිවී ඇතැයි කිව්වා නේද?