ජාති, ආගම්, කුල, දේශසීමා භේදයක් නොමැතිව ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව සංචාරකයන් සඳහා අද (18) නැවත විවෘත කෙරුණි.
ඉතාලිය පැනවූ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ශාන්ත පීතර බැසිලිකාව මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබිණි. මාර්තු මස 10 වැනිදා සිට බැසිලිකාව සංචාරකයන් සඳහා වසා දමා තිබිණි.
සමාජ දුරස්ථභාවය හේතුවෙන් සංචාරකයන් පෝලිමේ සිටීමට සිදු වූ අතර බැසිලිකාව දැක බලාගැනීම සඳහා පැමිණ සිටියේ අතළොස්සකි. පොලිසිය එහි නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර සංචාරකයන් ‘කොවිඩ්-19’ ව්‍යාප්තිය පාලනය කිරීමට අත්‍යවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද පොලිස් නිලධාරීහු විමසිලිමත් වූහ. පල්ලිය තුළට යෑමට පෙර සියලු දෙනාගේම උෂ්ණත්වය ද පරීක්ෂා කෙරිණි.
රොයිටර්ස්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය කාලේ ඉතාලියේ සිටි නීති විරෝධී සියලු විදේශිකයන්ට ස්ථීර පදිංචිය ලබාදීම දැන් ක්‍රියාත්මකයි.