චමිල් රූපසිංහ
මධ්‍යම පළාතේ තේ වතු ආශ්‍රිතව නිදහස් වෙළද කළාපයේ සිට 2543 ක් පැමින ඇති බවත් ඔවුන් ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කරන ලෙස තමන් දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්.යු.ගමගේ මහතා පැවැසිය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා මෙසේ පැවැසුයේ රජයේ තේ වතු අධිකාරිවරුන් සමග අද (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදි පැවැති හමුවකදිය.
එම වතු වල සියලුම ජනතාව කුඩා නිවසක සාමුහිකව වෙසෙන බැවින් ප්‍රායෝගික ගැටලු ඇතත් මාතලේ,නුවරඑළිය හා මහනුවර දිසාපතිවරුන්ගෙන් මොවුන් ස්වයං නිරෝධායනයකට ලක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවද ආණ්ඩුකාරවරයා එහිදි කිය.
පිටතින් වතු ආශ්‍රිත යට පැමිණෙන අය සදහා වතු ආශ්‍රීතව ඇති පාසල් තුල ඔවුන් නැවැත්විම සදහා ක්‍රියා මාර්ග ගනිමින් සිටිනු ලබන බවද ආණ්ඩුකාරවරයා එහිදි කිය.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න , මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, ආණ්ඩුකාර ලේකම් කේ.ජි.උපාලි රණවක ඇතුළු පළාතේ ප්‍රධාන රාජ්‍ය නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවරදී සිදුවිය.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙළඳ කලාපයෙන් වතුකරයට ආ 2543ක් ස්වයං නිරෝධායනයට