IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට

චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.  වුහාන් හි සියලුම දිස්ත්‍රික්ක වලට මේ බව දැනුම් දී ඇති අතර පරීක්ෂණ සිදුකළ හැකි ආකාරය පිළිබඳ දැනුම් දෙන ලෙස වුහාන් ප්‍රාන්ත පරිපාලනය ඔවුන්ට දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් දින 10ක පරීක්ෂණ සැළැස්මක් ඉදිරිපත් කරන ලෙස ද ඔවුන්ට දන්වා ඇත. වයිරසය මුලින්ම ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ පසුගිය සති අන්තයේ රෝගීන් හය දෙනකු වාර්තා වීමෙන් පසු මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

සෑම දිස්ත්‍රික්කයකම ජනගහනය සහ රෝග ව්‍යාප්තිය මත පදනම්ව මෙම සැලැස්ම ඉදිරිපත් කළ යුතු අතර වයස්ගත පුද්ලයන් සහ ජනාකීර්ණ ප්‍රදේශ වලට ප්‍රමුඛත්වය දිය යුතු බවට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් සමහර සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කර ඇත්තේ මෙය දුෂ්කර සහ විශාල මුදලක් වැය වන ක්‍රියාවලියක් වනු ඇති බවයි. ඒ වෙනුවට වෛද්‍ය සේවකයින්, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සහ රෝගීන්ගේ සමීප සබඳතා ඉලක්ක කර පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාණවත් බවද ඔවුහු පවසති.

වුහාන් හි දැනටමත් මිලියන 3 - 5 ත් අතර ජනතාවක් පරීක්ෂා කර ඇති හෙයින් ඉතිරිය පරීක්ෂා කිරීම ගැටලුවක් නොවන බවද තවත් සමහර විද්වතුන් පවසා ඇත.

සති 11 තිස්සේ වසා දමා තිබූ වුහාන් නගරය අප්‍රේල් 08 වනදා සිට ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීම ඇරඹිණ. පාසැල්, ව්‍යාපාර සහ පොදු ප්‍රවාහණ ආරම්භ වූ අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබිණ. එහෙත් වුහාන් හි නේවාසික ස්ථානයකින් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තා වීමෙන් පසුව වුහාන් බලධාරීන් නැවත රෝගය පැතිරීමේ අවධානම සම්බන්දව සැලකිලිමත් වීමට පටන්ගෙන තිබේ.

චීනයේ මේවනවිට කොරෝනා රෝගීන් 82,919 ක් වාර්තා වන අතර මරණ 4 633 ක් සිදුවී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site