IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වසා දැමූ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

( පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10) පෙරවරුවේ සිට නැවත විවෘත කර ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

මෙම ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කර නැවත විවෘත කිරීම හේතුවෙන් ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණීමට බිය නොවන ලෙසද , අලුත්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එහි සේවය සඳහා යොදවන ලද බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය . 

සැකසහිත රෝගියා හමුවූ අවස්ථාවෙිදි එහි සේවය කළ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත සම්පුර්ණ කාර්ය මණ්ඩලයම මේවනවිට රෝහල ආසන්නයේ පිහිටි කුරුණෑගල හෙද විදුහලේ ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .

සැකසහිත රෝගියා සම්බන්ධයෙන් වන රුධිර පරීක්ෂණ වාර්තාව කොළඹින් මෙතෙක් ලැබී නැති බවද , කුරුණෑගල ශික්ෂණ රෝහලට එවැනි පරික්ෂාවන් සිදු කරන PCR යන්ත්‍රයක් ලබාදී තිබුණානම් මෙම රෝගියා සම්බන්ධයෙන් ඉක්මන් වාර්තාවක් ලබාගත හැකිවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය .
 



අදහස් (2)

වසා දැමූ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

බද්රානි Friday, 10 April 2020 08:27 AM

කුරුණැගල ශීක්ෂණ රෝහලේ තරම් දුෂිත දොස්තරලා සිටින වෙනත් රෝහලක් ලංකාවේ නොමැති තරම්. රෝගීන්ට ප්‍රතිකාර නොකර, දොස්තරලා ෆේස්බුක් එකේ පිනුම් ගහනවා කියලයි... අපිට නම් ආරංචි? නම් ගම නොදාන්නේ, අපිට තියන ලජ්ජාවටයි තේරුනාද?

:       0       708

රවිඳු Friday, 10 April 2020 10:47 AM

ඒ කියන්නේ කොරෝනා රෝගියෙක් හමු උනාම ඩොක්ටර්ලා පන එපා කියලා පැනල දුවනවාද? ඔය කියන කුරුනෑගල රෝහලේම තව ඩොක්ටර් කෙනෙක් ඉන්නවා, ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම පැත්තකින් තියලා සින්දු ලියන සින්දු කාරයෙක්, මෙලෝ රහක් නැහැ. ඩොක්ටර් වැඩෙයි, සින්දුවයි දෙකම එක වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site