(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.
ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.
මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.
මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.
තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.

COMMENTS
වැඩෙ සෙල්ලම් වෙන්නැති පාටයි...
ජා ඇල, සුදුවැල්ලේ කොරෝනා සෙට් එකට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාදේට...
මේ අවදානම් අවස්ථාවේ ඡන්දයක් ඉල්ලන්නෙත් ඡන්ද එපා කියන්නෙත් ආත්මාර්ථකාමී දරන මිනිස්සු මේ වසංගතයෙන් බේරීමට හැමදෙනාම දේසපාලනය පසෙක ලා එක් වෙමු
අත්‍යාවශ්‍ය රාජකාරි සදහා යොදවනු ලබන සියලුම දෙනාට ආරක්ශිත ෆුල් බොඩි කිට් එකක් කෙසේ හෝ ලබාදීම කලයුතුමය. එසේ සොයා ගත නොහැකි නම් පොලිතින් බට අඩි 6 කැබැලි කපා උඩින් ගැට ගසා එය හිස සිට පොරවා ගැනීම කලයුතුමය . සැකසහිත පුද්ගලයන් ලගට ගැනීමට පෙර මෙම පොලිතින් බට පොරවා ගැනීමට ලබාදිය යුතුය .
මේ නිලධාරියට කොරෝන හැදිලා තිබෙන්නේ රාජකාරි කරන විට, ඔහුගෙන් තව නිලධාරී 30කට හැදිලා, මේ නිලධාරිත් රාජකාරි වල නිරතවෙනකොට ඔවුන්ගෙන් තව පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්ට, සිවිල් වැසියන් තව කි දෙනෙකුට ඔවුන්ගෙන් බෝ වුනාද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. මේ තත්වය මත මේ මාසේ ඉවර වෙනකොට රෝගියෝ 700-1000 ප්‍රමාණයක් වෙන්න පුළුවන්, සමහරු කතාකරනවා ජුනි මාසේ ඡන්ද තියන්න. ඡන්ද රාජකාරි කරන කොට එක නිලදාරියෙකුට කොරෝනා තිබුනොත් වෙන්නේ මහා විනාශයක් .
කෝ අර චන්දෙ ඕනෑමයි කියලා මේකේ මැරෙන්න හදපු වහලා....?
ඡන්ද ඕන නැ.
රෝහල් වලට භාරගතහැකි රෝගීන් ප්‍රමාණය ඉක්ම වූ විට සිදුවිය හැකි විනාශය සිතා ගැනීමට ද නොහැකි වේ. ලෙඩ්ඩුන්ට ගෙවල් වලම ඉන්න වේවී. මිනී ගෙනියන්නත් කවුරුත් නැති වේවී. අපේ මිනිස්සුන්ට කරුණාවෙන් කියන දේවල් තේරුම් ගන්නෙ නැහැ. කුඩු මල්ලිලාට ආදරෙන් කිව්වා වැඩියි. නොපමාව නීති තදින් ක්‍රියාත්මක කල යුතුයි.
මේ වගේ මර්මස්ථානයක් කොරෝන මර්දනයට යොදා ගැනීම සුදුසු නෑ.. අනෙක 4000ක් තරම් විශාල පිරිසක් ඉන්න තැනක වෙනම කොටසක් නිරෝදයනයට වෙන් කරන්න තිබුණා.. මට තේරෙන්නේ නෑ මේ තීරණ ගන්නේ කොහොමද කියල... අනෙක මේකට අදාල නැතත් සතුන්ට කෑම දෙන කොට පරිසමෙන් සතුන්ට බෝ වෙන එක ට දැන්මම වැට බදින්න ඕනේ... තවත් දෙයක් ලංකාවේ මිනිස්සු ඇති බහුතරය විටකනවා විට කී දෙනෙක් අතගනවද මේවා ගැන ඉතා පරිස්සමෙන් වැඩ කලොත් හැමෝටම හොදයි...
හමුදා සෙබළු ඉන්නේ හමුදා බැරැක්කවල. ඔවුන් කොරෝනා මර්ධන කටයුතුවල යෙදවීමේදී එක සෙබළෙකුට රෝගය අසාදනය වීමෙන් සිදුව ඇති දේ මින් මනාව පැහැදිලිවේ. අනෙක් කරුණ තමයි කොරෝනා සැක සහිත අය වෙන් නොකොට එකම ශාලාවක තබා නිරෝධායනය කිරීම. එවිටද හදුනා නොගත් එක රෝගියෙක් සිටියොත් අන් අයට ආසාධනය වීමට ඉඩ තිබේ. එසේ නම් කරන්න තියෙන්නේ ටෙස්ට් එකට භාජනය කොට නිරෝගිනම් ගෙදර යැවීමයි.
හමුදා සෙබළු ඉන්නේ හමුදා බැරැක්කවල. ඔවුන් කොරෝනා මර්ධන කටයුතුවල යෙදවීමේදී එක සෙබළෙකුට රෝගය අසාදනය වීමෙන් සිදුව ඇති දේ මින් මනාව පැහැදිලි වේ. අනෙක් කරුණ තමයි කොරෝනා සැක සහිත අය වෙන් නොකොට එකම ශාලාවක තබා නිරෝධායනය කිරීම. එවිටද හදුනා නොගත් එක රෝගියෙක් සිටියොත් අන් අයට අසාධනය වීමට ඉඩ තිබේ. එසේනම් කරන්න තියෙන්නේ ටෙස්ට් එකට භාජනය කොට නිරෝගිනම් ගෙදර යැවීමයි.