කොරෝනා වයිරසය (කොවිඩ්-19) සම්බන්ධයෙන් ජනතාව තවමත් ඒ තරම් සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.
රාජගිරියේ පිහිටි කොවිඩ් -19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරිය මේ බව පැවසූවාය.
මේදිනවල අනවශ්‍ය පුද්ගල එක්රැස්වීම් , ගමන් බිමන් ,සංචාර හැකි තරම් සීමා කරන ලෙස තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, රෙදිපිළි අලෙවිසැල් වැනි ස්ථානයන් හි ජනතාව තවමත් එක් රැස්වී සිටිනු තමා දුටු බවත් පැවසූ අමාත්‍යවරිය එවැනි අලෙවි සැල් වසා දමන ලෙසත් කීවේය.
රටක් ලෙස එක්ව ගෙන යන මෙම වැඩපිළිවෙළට ජනතාව මේ අවස්ථාවේදී සහයෝගය ලබා දිය යුතු බවද අමාත්‍යවරිය පැවසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහරියක් ඉන්නේ "අටේ පන්තියටවත් ගියේ නැති" මිනිස්සුනේ. එක වෙන්න ඇති අවුල. (පාර්ලිමේන්තුවේ එහෙම නෙවේ ඇ)
ජනතාවගේ නොවේ දේශපාලකයන්න්ගේ නාඩගම් නිසා.
මොනවා කරන්නද ඔහේ හැදිලා වඳවෙලා ගියාදෙන්. අපි බේරෙන්න බලමු.
ලංකව ,ඉන්දියාව වගේ රටවල මිනිසුන්ට් කිසිම දෙයක් හොඳින් කියුවට , ඉල්ලීම් කලාට කවදාවත් ඒවා පිළිපදින්නේ නැහැ , අවම බලය යොදලා තේරුම් කරලා දෙන්නම ඕන
අනේ , දැන් ජනතාවගේ පැත්තට හරවන්නද හදන්නේ? ජනතා නියෝජිතයන්ගේ වගකීම මොකක්ද එතකොට ?
අපේ අය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැනේ. මොලේ උඩනේ ඉන්නෙ ?
අපේ රටේ සමහර අය හදන්නම බෑ.
සහතික ඇත්ත. ඔයගොල්ලෝ වයිරසය ගැන සැලකිලිමත් වුණා නම් චීන කත සිඹ සැනසූ තැනෙන් ව්‍යාප්තිය වළක්වන්න තිබුණ .
වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදිවී ඇත්තේ ලංකාවේ දේශපාලකයන් කියන දේ ජනතාව ගණන් නොගැනීම නිසා වේ.
ඇඳිරි නීතිය දාන එක මොන තරම් කාලෝචිතද කියන එක ගැන හිතන්න ඕනේ. එක පැත්තකින් ඇඳිරි නීතිය දැමීමෙන් ආණ්ඩුව කරන්නේ මේ වගේ වෙලාවක තමන්ගේ වගකීම ජනතාව පිට පැටවීම.
පොඩ්ඩක් ඉන්න අනේ නාමයෝජනා දීල ඉවරවෙලා බලමු . අනික යුද්ධේට බයනැති අපි මොකටද මේකට බයවෙන්නේ
ලොව කොවිඩ් වයිරසය වීයාප්ත වන්න පටන් ගන්න කොටම මෙරට ආගමන විගමන ස්ථාන ප්‍රයෝජනය පිණිස ශරීරයේ උෂ්ණත්ව මනින අධෝරක්ත කිරණ උපකරණ ගෙන්නුවානම් මොකෝ වෙන්නේ?
ජනතාවගේ නොවේ ආණ්ඩුවේ සැලකිල්ල මදි , 17 වෙනිදා ඉඳන් ගුවන්තොටුපල වහනවා කිව දැන් කියනවා 18 වෙනිදා ආපු 1500 නිරෝධනය තනියම කරගන්න කියල ගෙදර ඇරියලු.
රජය ක්‍රියා කරන ආකාරය හරිම ප්‍රාථමිකයි කියල හිතෙන්නේ නැද්ද? සෞඛ්‍ය අංශ නිලධාරීන් යුධ හමුදාව සහ පොලිසිය කරන සේවාව තුලින් ජනතාව නිසි ප්‍රයෝජනය ගන්න බවක් පේන්න නැහැ. ඇමතිතුමිය ප්‍රකාශ කළා වගේ මිනිස්සු මේක ගණන් ගන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරුණා නම් පමණක් බවයි පේන්නේ.
පාලකයන් සැළකිලිමත් නොවී ජනතාවගේ සැළකිලිමත්කම කතා කිරීම විහිළුවකි. ජනතාවගේ සැළකිලිමත්කම ගැන බලාපොරොත්තු තබනවාට වඩා නීතිය ගැන විශ්වාසය තැබීම පාලකයන්ගේ වගකීම වියයුතුය. ශ්‍රීපාද ස්ථානය වදින්න යන්න එපා කියනවාට වඩා ප්‍රථමයෙන් එම ස්ථානය වසා දැමීමට නියෝග කළා නම් කිසිවෙකුට අඬන්න වෙන්නේ නැත. පසුගිය දෙසැම්බර්වල චීනයේ මෙම වසංගතය භයානක ලෙස පැතිරී යනබව දැනසිටියත්, අපේ රටේ ජනවාරි මාසයේ දඹදිව වන්දනාවේ යාමට ඉඩ ලබාදීම කාගේ නොසැලකිලිමත්කම නිසාද යන්න මෙතුමියගෙන් අපට අසන්නට සිදුවේ. නීතියකට යටත් නොකොට ගුවන් මගීන් නිසි නිරෝධායනයකට ලක් නොකිරීමේ නොසැලිමත්කම පාලකයන් වගකිව යුතුයි. වර්තමාන සෞඛ්‍ය ඇමතිනිය කුඩා දැරියකගේ හැසිරීමක් මම දකිමි. රමේෂ් පතිරණ වැනි මහතෙක් මේ තනතුර මේ මොහොතේ දැරැවේ නම් වඩා සුදුසු බව මට සිතේ.