ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද(27) රාත්‍රී 8.19 වන විට 25, 261ක් වී තිබේ.
වයිරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 558,298 දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබා 128,717දෙනෙකු සුවය ලබා ඇත.
ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද(27) රාත්‍රී 8.19 වන විට 25, 261ක් වී තිබේ.
වයිරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 558,298 දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබා 128,717දෙනෙකු සුවය ලබා ඇත.
COMMENTS
ලෝක සෞඛ්‍ය සංවිධානය අද මේ ඇති වී ඇති භයානක තත්වයට සෘජුව වග කිව යුතුය. මුලින් මෙය ගෝලීය වසංගතයක් බව ප්‍රකාශ නොකර කල් මරමින් සිටියා. තවමත් එහි ලොක්කා කරන්නේ අර කලාපය අවධානම්, මේ කලාපය අවධානම් කියලා ප්‍රකාශ නිකුත් කරමින් සිටීම පමණි. ඒ බව ඔවුන්ගෙන් දැන ගන්නවාට වඩා හොඳින් මාධ්‍ය ආයතන මගින් කාටත් දැන ගැනීමට හැකිය. තවමත් ගෝලීය නායකයන් විඩියෝ තාක්ෂණය මගින් සමුළුවකට කැඳවා සමූහයක් ලෙස ගත යුතු ක්‍රියා මාර්ග හා පොදු තීරණ ගැන සාකච්ඡා කර නැහැ. මෙම රෝගයෙන් මිය ගිය අයගේ මෘත දේහයන් ආදාහනය කිරීම සමහර ආගම් අදහන අය විරුද්ධය. අතීතයේ එංගලන්තයේ මීයන්ගෙන් බෝවූ වසංගතයක් නිසා මිය ගිය අය භූමදාන කළ ප්‍රදේශ අදටත් තහනම් කලාප ලෙස නම් කර ඇත්තේ ඒවා නැවැත ඉස්මතු වීමේ අවධානමක් ඇති නිසාය. වෛරස් යනු ජීවී හා අජීවී ලක්ෂණ දෙකම සහිත දෙයකි. ඒවාට සුදුසු තත්වයක් එනතෙක් වසර ගණනක් සැඟව සිටිය හැක. මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මිය ගිය අය ආදාහනය කිරීමට තද තීරණයක් දුන්නේ නම් මෙහිදී ඇතිවන මත භේද අඩු කරගත හැකිය.
මිනිස්සු මේ වෙලාවේ අරයට බනිනවා මෙයාට බනිනවා රජයට බනිනවා සෞඛ්‍ය අංශ වලට බනිනවා... ඇත්තටම මේ වෙලාව හැම කෙනෙකුටම ඉතා අපහසු කරදකාරි වෙලාවක් ඒගැන නම් කිසිම විවාදයක් නැහැ තමයි . එත් අඩුම ගානේ තමන්ගේ ජීවිතේ ගැන හිතලා හරි තමන් උපරිම ආරක්ෂාකාරී විදිහට මේකට මුහුණ දුන්නොත් විතරක් රටක් විදිහට අපි හැම දෙනාටම රැකෙන්න පුළුවන් . සියලුදේ ට කලින් අපි ජීවත්වෙලා ඉන්න ඕනේ ඉතින් ජීවිතේ ගැටගහගන්න අත්‍යවශ්‍යම දේවල් ගැන විතරක් අවදානය යොමුකරලා මේ වසංගතයෙන් මිදෙන්න කටයුතු කලේ නැත්තන් අනිවාර්යෙන් ම අපි හැමදෙනාම ලොකු අමාරුවක වැටෙනවා..