ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1,135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 147 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
“අවාසනාවකට පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් 1,192 ක් වාර්තා වී ඇත. කරුණාකර මාර්ගෝපදේශ අනුගමනය කර නිවසේ රැඳී සිටින්න,” ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලිරේසා රයිසි පැවසීය.
ඉරානයේ මේ වනවිට වයිරසය ආසාදිත පුද්ගලයෝ 17,361ක් සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මේ දේ වෙන්න ඉඩ තියන්නෙපා... හැකි ඉක්මණින් සති කිහිපයකට මුළුරටම නිරෝධායනය කරන්න ලංකාව වගේ කුඩාරටක මේ සතියට රෝගීන් හමුවීමේ ප්‍රමාණය වැඩියි. ඒ ගැන දුරදිග හිතලා බලන්න...