IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


විදෙස් රටවල සිරවී සිටින 33 දෙනෙක් ගෙන්වා ගැනීමට අවසර

ඩයනා උදයංගනී

විදේශයන්හි ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 ක් දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

අමාත්‍යවරයා බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලියන් සඳහා යොමු කරවන බවද ඇමැතිවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, ඇමති රමේෂ් පතිරණ මහතා පැවසුවේ මෙලෙස මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත්තේ සිංගප්පූරුව, ඕමානය, ඩුබායි, ඉතියෝපියාව, තුර්කිය, මැලේසියාව, ඉන්දියාවේ නවදිල්ලි නුවර, මාලදිවයින, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, සීෂෙල්ස්, පැපුවා නිව්ගිනියා, පෘතුගාලය සහ ඊජිප්තුව යන රටවල සිටින පිරිසක් බවයි.

 මීට අමතරව විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සෙසු පිරිස් ද පවතින කොරෝනා තත්ත්වය සමනයවීමෙන් පසු මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව රමේෂ් පතිරණ මහතා කීවේය.

 



අදහස් (6)

විදෙස් රටවල සිරවී සිටින 33 දෙනෙක් ගෙන්වා ගැනීමට අවසර

Laksitha Paris Thursday, 09 April 2020 06:45 AM

මාවත් ගෙන්වා ගන්න බැරිද.?

:       0       0

Ruhunu Thursday, 09 April 2020 07:32 AM

ඔබතුමාගේ මුහුණ දැකපුකල්... මෙච්චර දවස් කොහෙද හිටියේ..?

:       0       0

නන්නාදුනන හාදයා Thursday, 09 April 2020 07:45 AM

දේශපාලුවන්ගේ දරුවන්, නැතිනම් කට්ටි පනින නෑදෑයන් වෙන්න ඇති....

:       4       0

බද්රානි Thursday, 09 April 2020 08:20 AM

රටේ මහජනතාවගේ මුදලින් ඔවුන්ගේ (පාලකයින්ගේ හෙන්චයියන් සහ හිතවතුන්) අයව ගෙන්වා ගැනීමට තමයි මේ සිදුකරන්න හදන්නේ. රටේ පාලකයින් කරන රංගනයන් රටේ සමහරක් මෝඩයින්ට වැටහෙන්නේ නැහැ. පහුගිය කාලේ ඕනාවට වඩා කාල ඇඟේ තෙල දාලා දඟර නැටුම් නටපු රටේ ජනතාවට අනාගතයේදී, බඩගින්නේ ඇඹරීලා නටන නැටුමක් නටා ගැනීමට හැකිවෙයි. ඔය විදිහට පීඩාවෙන් ජීවත් වෙනවට වඩා හොඳයි කොරෝනා හැදිලා මියයන එක කියලා මේ හරක්ට කවදා වැටහෙයිද? අර රටවිරුවෝ කියන රට හරක් ටික උම්බා ගැන සද්දේ දැම්මට පලක් නැහැ. පිටරටවලින් කාලා ඔවුන්ගේ පොහොර ටික ලංකාවට එව්වොත් ඒ හොඳටම ඇති. මේ මහපොළොව සශ්‍රීක කරන්න.

:       0       0

Aris Thursday, 09 April 2020 09:52 AM

මේ 33 දෙනා ඉන්නේ රටවල් 13 කයි. ඔවුන් ගෙන ඒමට ගුවන් යානා 13 ක් අරිනවද? එහෙම නැත්නම් එක යානාවක් ලෝකේ වටේ ගිහින් ඔවුන් එකතු කරන් එනවද?

:       0       60

vidya Thursday, 09 April 2020 06:58 PM

අනේ කරුණාකරලා අර ඉන්දියාවේ හිරවෙලා ඉන්න කෙලි පැටව් ටිකත් ගෙන්වා ගන්න. එම දරුවෝ දුක කියනකොට හව්හරණක් නැති අපේ හදවත් සැලෙනවා .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 951 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site