IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


විදේශයන්හි රැදී සිටින නීතී විරෝධි ලාංකිකයින්ට තාවකාලික ගුවන් ගමන් බලපත් දෙන්න යයි

( තිළිණි ද සිල්වා )

විදේශයන්හි නිසි ලියකියවිලි නොමැතිව සිටින නීතිවිරෝධී ලාංකික  ශ්‍රමිකයන්ට යළි දිවයිනට පැමිණිම සදහා තාවකාලික  ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන්  සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර පෙරේදා (05) විදේශ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින්  අනතුරුව මෙම එකගතාව පළ වූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට ගෙන්වීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කෙරෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
ආපසු මෙරටට පැමිණීම සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වා ඇති උනන්දුව සහ කුවේටය සහ ජෝර්දානය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය යටතේ ලාංකික ශ්‍රමිකයින් මෙරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සමාලෝචනය කරන ලදී.

විශේෂයෙන් මාලදිවයිනේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම සහ ඊට පිළියම් යෙදිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. 
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා දැඩි ලෙස පීඩාවට  පත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක ලබා දීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ද ඇගැයීමට ලක් කරන ලදී.
 
අදාළ විදේශ රජයන් සමඟ දැනට පවත්වා ඇති සාකච්ඡා පිළිබඳව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, දැනට සිදුකෙරෙමින් පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුකූලව සිදුවිය යුතු බවට සහතික වෙමින් අදාළ රාජ්‍යයන් වෙත ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
 
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන) සුජීව තිසේරා මහේමිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා, 

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් මෙම රැස්වීමට සහභාගී වුහ.

 



අදහස් (3)

විදේශයන්හි රැදී සිටින නීතී විරෝධි ලාංකිකයින්ට තාවකාලික ගුවන් ගමන් බලපත් දෙන්න යයි

Indika Tuesday, 05 May 2020 10:40 AM

ඉතාමත් හොද තීරණයක්. ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් නැතිව නීති විරෝධීව ඉන්නව කියල හිතන්න බැහැ. පිටරට එළියේ අසරණ උන අයගේ දුක ලංකාවේ අයට හිතාගන්නවත් බැහැ. ඒ අය ගැන සංවේදී වෙලා පිහිට වෙන එක ගොඩක් හොදයි. විශේෂයෙන්ම මේ වෙලාවේ. වෙන රටක කාත් කව්රුවත් නැතිව අසරණ වෙන එකේ දුක දැනෙන්න එහෙම වෙන්නම ඕන.

:       0       0

de silva Tuesday, 05 May 2020 10:55 AM

විකාර කියවනවා.. නීත්‍යානුකූල ක්‍රමයට රජයේ රක්ෂනයත් අරගෙන විදේශ රැකියා සදහා ගියපු මිනිස්සුත් එහෙ හිරවෙලා ඉන්නවා. ඉස්සෙල්ල ඔවුන්ව ගෙන්වා ගන්න. පස්සේ පුළුවන් අනිත් පුද්ගලයන්ගේ ප්‍රශ්න විසදන්න. දැන් මේගොල්ල කරන්න හදන්නේ ඉස්සෙල්ල විශ්ව විද්‍යාල සිසුන් ගෙනාව..., දැන් පාස්පෝර්ට් නැති මිනිස්සු ගෙන්න කතාකරනවා. නීත්‍යානුකූල ක්‍රමයට ගොස් එහෙ අතරමන්වෙලා ඉන්න පාස්පෝර්ට් තිබෙන මිනිස්සු ගෙන්වන්න හදන්නේ අන්තිමටද ?

:       2       0

Neil Tuesday, 05 May 2020 11:15 AM

විදේශ සේවා නියුක්ති කාර්යංශය කොයි රටෙහිද වියලි අහාර බෙදා ඇත්තෙ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site