ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (15) පස්වරු 6 වනවිට විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 214කට ගොස් ඇත.
අද පස්වරු වනවිට නිකුත් වී තිබූ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,015,571ක් විය.
ඒ වනවිට ලොවපුරා කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 128,445ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන 500,717ක් ලෙස දැක්විණි.
අඟහරුවාදා, එනම් ඊයේ (14) දිනයේදී පමණක් ලොවපුරා රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 94,643ක් යැයි ද එදින 9,274 දෙනකු මියගියේ යැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වැනිදා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
චීනයෙන් ආරම්භ වී යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd