ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (25) පෙරවරු වනවිට මිලියන 9.4 ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව නන්දෙසින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,407,078කි.
මේ සතිය අවසන් වනවිට ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 10 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් මේ වනවිට ලොවපුරා 480,000 කට වඩා වැඩි පිරිසකට ජීජීවිත අහිමි වී ඇත.
ද ගාඩියන්
055
COMMENTS
Reply To:
-