IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

(ඩයනා උදයංගනී)

පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම හා කොවිඞ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (2) සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම යන ආයතනයන්හි සභාපතිවරු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ද සහභාගි වී සිටියහ.

ලබන සඳුදා සිට දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, එහිදී මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය අනිවාර්යය කර ඇති නිසා දැනට පවතින බස් රථ ප්‍රමාණවත් නොවිය හැකි බැවින් දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට අමතරව පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණයට යොදාගැනීමටත් මෙහිදී තීරණය කළ බව ද අමාත්‍යවරයා කීවේය.
එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට (3) සිටම ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදුකෙරේ.

දැනට ලංගම බස් රථ 5300ක් හා පුද්ගලික බස් රථ 23000ක් පමණ ධාවනය වුව ද මේ වන විට එය ප්‍රමාණවත් නොමැති බවත්, ඒ හේතුවෙන් මගීන්ට ආසන  නොමැතිව හිටගෙනයාමට පවා සිදුව ඇති බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම සාමාන්‍යයෙන දිනකට දුම්රියන්හි මගීන් 1.47,00ක් පමණ ගමන් කරන අතර  දුම්රිය තුළ ආසන ඇත්තේ 25,000ක් පමණ අඩු ප්‍රමාණයක් බවත්, ඉදිරියේදී ආසන ගණනට මගීන් ප්‍රවාහනය කළ යුතු නිසා දුම්රියේ ගමන් කිරීම අත්‍යාවශ්‍ය ගමන්බිමන් සඳහා පමණක් සීමා කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.



අදහස් (9)

ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Rohana Tuesday, 02 June 2020 08:56 AM

ආසන ගණනටවත් මගීන් ගෙනයන්න ක්‍රමයක් දුම්රිය සේවයට නැහැ කියන්නේ මෙය දියුණු කිරීමට පාලකයින් කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතිබවයි. ආසන ගණන වගේ හය ගුණයක් මගීන් ගමන් කරනවා කියන්නේ මගී ඉල්ලුමට සරිලන සේ දුම්රිය සේවයේ කිසිම වැඩිදියුණුවක් කර නොමැති බවයි...

:       6       92

wickyTuesday, 02 June 2020 10:20 AM

දුම්රිය සේවයේ කර ඇති දියුණුවක් නැත. ඇමතිට කුට්ටිය ගන්න ඕනි වෙනකොට ඉන්දියාවෙන් මොකක් හරි කුණු ගොඩවල් ටිකක් මෙහෙට ගේනවා. කොච්චර ගෙනාවත් වැඩක් නැහැ. අවශ්‍යතාවය අනුව දුම්රිය ගෙන්වන්නේ නැහැ. අනික දුම්රිය 10ක් 15ක් වෙලාවට යවාගන්න බැරි දෙපාර්තමේන්තුවකින් කොහොමද දුම්රිය වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්නේ? මේකේ සාමාන්‍යාධිකාරිතුමාව මුලින්ම මාරු කර, මුළු දෙපාර්තමේන්තුවම නවීකරණය කළ යුතුයි.

:       5       202

lalWednesday, 03 June 2020 12:31 AM

බස්වල මගීන්ට ආසන නොමැතිව හිටගෙනයාමට පවා සිදුවිම සහ දුම්රියේ ආසන ගණනටවත් මගීන් ගෙනයන්න ක්‍රමයක් නැතිවීම තනිකරම 100% ක් මෙම රජයටද ඇතුළුව මෙතෙක් කල් පැවති රජයන් වගකිවයුතුයි. ඇමතිගේ, අදාළ නිලධාරීන්ගේ නොහැකියාව අකාර්යක්ෂමතාවය මෙයට හේතුවයි.

:       0       12

Deepal Nirosh Tuesday, 02 June 2020 08:56 AM

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍යකරණය කිරීම හොඳයි. එනමුත් දැනට ක්‍රියාත්මක රාත්‍රී පැය හයේ ඇඳිරි නීතිය තව මසක්වත් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි.

:       5       29

samThursday, 04 June 2020 09:48 AM

කොරෝනා නිශාචර වයිරසයක් නිසාද?

:       0       50

බණ්ඩා Tuesday, 02 June 2020 10:06 AM

මේ ඇමති කරන්නේ සාකච්ඡා විතරයි. ඔහේ කරපුදෙන්... ඉතින් මැතිවරණෙන් පැරදෙනකම් විතරයිනේ...

:       4       10

ananda Tuesday, 02 June 2020 10:15 AM

ඔය ඇමතිතුමා කියන ඒවා නම් ගණන් ගන්න ඕන නැහැ. ආපු ගමන් කිව්වා සෙමි ලක්ෂරි සේවාව නවත්වනවා කියලා. මොකුත් වුනේ නැහැ,. බස්වල දුම්රියවල සියලු දෙනාට වැඩිවෙලා යන්න කටයුතු කරනවා කිව්වා.. කියන බොරුවේ හැටියට කියන කොට එයාටම හිනා යනවා. තවලම ඔහොමම යයි. ගාණක් නැහැ.. ලබන සැරෙත් යවමු..

:       0       64

wikcyWednesday, 03 June 2020 03:19 AM

ඔය ඇමතිලා කවදද දුම්රියක ගියේ ? ඉතින් දුම්රියක කීයක් යනවද කියලවත් එයාල දන්නේ නැහැ. දැනට අවුරුදු 15ක කලින් තිබ්බ දුම්රියේ මැදිරි ගැනම තමයි තියෙනේ. (5.30 මීගමුව මන්දගාමී දුම්රිය එක උදාහරණයක්, 6.15 වේයන්ගොඩ තව උදාහරණයක්) අඩුම ගානේ එක ඇමතියෙක් දන්නවද මේවා ගැන ? ඔය ඉන්න දෙපාර්තුමේන්තුවේ නිලදාරීන් කියන පිරිසවත් ඕව දන්නේ නැහැ. ඔහේ ප්‍රවේශපත්‍ර විකුණනවා, දුම්රියට ඇදගන්නවත් පුලුවන්ද කියල නොබලා. මේවා ගැන මොන කතාද? ඔය ඇමති එකක් කියනවා, දෙපාර්තුමේන්තුව තව එකක් කියනවා. මිනිස්සු අසරණයි.. මේවගේ ගොන් පාලකයොයි, නිලධාරිනුයි ඉන්නකොට.. මේ සේරම සංදර්ශන තමයි ඉතින්..

:       0       42

Mangala perera Monday, 06 September 2021 09:31 PM

කාර්යාල වේලාවන් තුලදී වත් හලාවත බස් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31303 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site