IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

විනීතා එම් ගමගේ

ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ.

මේ වනවිට එම පොදු සමාකාලය ක‍්‍රියාත්මක අතර එය අවසන් වන දිනය ලෙබනන් රජය පසුව දැනුම් දෙනු ඇත.

මෙසේ පොදු සමාවක් ලැබුණද එරට නීති විරෝධීව රැදී සිටි කාලය නොසලකා පිරිමි ශ‍්‍රමිකයකුගෙන් ලෙබනන ලීරා ලක්ෂ හතරක් හා කාන්තාවක ගෙන් නම් ලෙබනන ලීරා ලක්ෂ 3 ක් ද අයකිරීමට ලෙබනන රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වයිරසය එරට තුල ද ව්‍යාප්තව ඇති බැවින් මේ  මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 12 වන දා දක්වා ලෙබනනය වසා දමා ඇති බැවින් ආපසු පැමිණීමට කැමති අයට තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස් ඇප් අංකයට විස්තර එවා  ලියාපදිංචි වන්නැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ එවන තොරතුරු තානාපති කාර්යාලය විසින් එරට රජයට ලබා දෙනු ඇති බවත් පවතින තත්ත්වය අවසන්ව රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු පිටවීමේ බලපත‍්‍ර ලබා දෙනු ඇති බවත්  කාර්යංශය  කියයි.

එසේ වුවද ලෙබනනයෙන් පිටවීමට අවසර ලැබෙන පිරිසට රටින් පිටවන්නට ලැබෙන්නේ ගුවන් තොටුපලවල් ඇරීමෙන් පසුව වන අතර ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර හිමිවන්නේ මෙරට සෞඛ්‍ය අංශයේ උපදෙස් මත රජය විසින් ගනු ලබන තීරණ අනුව නියම වන දිනයක දීය.

සාපරාධී ක‍්‍රියාවන්ට චෝදනා ලබා සිටින ශ‍්‍රමිකයන්ට එකී චෝදනා පිළිබද නීතිමය කටයුතු අවසන් වූ පසුව මෙම සමාකාලයේ පිටවිය හැකිය.

මේ පිළිබද වැඩි විස්තර [email protected] විද්‍යුත් තැපෑලෙන්, 0096176700657 හෝ 0096181363894 දුරකතන අංකවලින් හෝ එම අංක ඔස්සේ වට්ස් ඇප් ඔස්සේ ලබාගත හැකිය.



අදහස් (1)

ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

de silva Wednesday, 01 April 2020 08:30 AM

පොදු සාව දීා කොහොමද එහෙම දඩ ගහන්නේ ? සමාව නම් සමාව දඩ නම් දඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site