බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත.
මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය. ඔහු ලන්ඩනයේ ‘කින්ස් කොලේ රෝහලෙන්’ ඉකුත් ඉරිදා මුඛ ආවරණ තුනක් සොරකම් කර ඇත. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත .
අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි.
මේ අතර රෝහලේ තිබූ එකම මුඛ ආවරණ පෙට්ටිය සොරකම් කර ඇති බවත් එය නැවත ගෙනැවිත් දෙන්නැයි ද කිඩර්මින්ස්ටර්හි වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබිණි.
මෙම සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පොලිසිය සඳහන් කළේය.
වසංගතය ව්‍යාප්ත වීමත් කොරෝනා වයිරසයට සම්බන්ධ සිදුවීම්වලට පුද්ගලයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය. කෙළ ගසා වයිරසය පොලිස් නිලධාරීන්ට බෝ කරන බවට තර්ජනය කළ පුද්ගලයකු උතුරු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය .
ඒ.එෆ්.පී.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.