(මහින්ද නිශ්ශංක )

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අද (26)  සිට අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා පවසයි.

රටපුරාම කාර්යක්ෂම බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, මගී ප්‍රවාහන කළමනාකරණ  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනූව රියදුරු කොන්දොස්තර නිවාඩු අවලංගු කර තිබේ.

දැනට රියදුරන් සහ කොන්දොස්තරවරුන් 18000 ක් පමණ සිටින බව ද ඔහු පැවසීය.