කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.
ඒ අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ. කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් 485ක් , එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව සුප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා ඩේලි එෆ්.ටී වෙත පැවසීය.
මෙලෙස කොවිඩ් 19 රෝග ව්‍යාප්තියට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සටන සිය පෞද්ගලික ධන පරිත්‍යාග කල ප්‍රථම ව්‍යාපාරිකයා ඔහු වේ.
මේ අතර ජෝන් කීල්ස් සමූහය , හේමාස් හෝටල් සමූහය සහ සිට්ට්‍රස් හෝටල් සමූහය සිය ව්‍යාපාර ජාල වලට අයත් එක් හෝටලයක් බැගින් හෝටල් තුනක් කොවිඩ් 19 නිරෝධනය මධ්‍යස්ථාන ලෙස ලෙස ලබා ගන්නා ලෙසට ඉල්ලීම කර ඇත.
ඩේලි එෆ්.ටී ඇසුරෙනි
125
COMMENTS
ඉතා හොඳයි.
දැන් විවේචනය කරන්න එපා. කොහොමත් මෙයා උදවු උපකාර කරනවා මේ වගේ දේ කරන්න
ගොඩක් වැදගත් දෙයක්….. ස්තුතියි.. අරමුදලක් ආරම්භ කරන්න ජනපතිතුමනි...
ඔබතුමාට තෙරුවන් සරණයි...!
හොඳ ආරම්භයක්... තව තවත් රජයට උදව් ලැබේවි. රට ගොඩ ගන්න ඕන. දානපති සියලු දෙනාට පිං අත් වේවා.!! නිරෝගී සුව ලැබේවා.!!
" සියලු දේශීය ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශිලින්හට කෙරෙන නිවේදනයයි" ලංකාවේ ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශිලින් චොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. කිසිවිටෙක දේශපාලකයන් වෙත විශේෂයෙන් මුදල් පරිත්‍යාග ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමති වුවහොත් සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා කීමට අවශ්‍ය නැත.
මගේ ප‍්‍රණාමය... ඔබට සියලු දෙවි පිහිටයි.
ඉතාමත් හොද සත් ක්‍රියාවක්. මෙවැනි වසංගතයක් ඇති නොවේවායි පතමි. ඔබ තුමාට බොහොම පිං සිද්ද වේවා! මෙම උවදුරෙන් හැකි ඉක්මනින් රට බේරා ගැනීමට අපේ පිංවත් දේශයට ශක්තිය ලැබේවා!
ඉතා විශිෂ්ට ක්‍රියාවක්. ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව පතමු.!
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පාක්ෂිකයන් රජය කරගෙන යන වැඩ විවේචනය නොකර කළ යුත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට සිරිකොත පවරා දීමය.
ශ්රී ලාංකිකයා කවදත් පරිත්‍යාගශීලීයි. ඒ අතරිනුත් අත්‍යාවශ්‍යම අවස්ථාවේ උපරිමය පරිත්‍යාග කරන්නා ශ්‍රේෂ්ඨයෙකි.
මෙන්න මිනිසුන් අගය කළයුතු හොඳ වෙඩක්...
මනුසත්කම කියන්නේ මේකට මෙරටේ සකල පුරවැසියන්ගේ ආචාරය ඔබ සැමට
මුදල් පරිත්‍යාග කරනවට වඩා උපකරණ පරිත්‍යාග කිරීම ඉතා නුවණැති ක්‍රියාවක්.
මට තිබුණ නම් මමත් දෙනවා. ආසයි දෙන්න. ඒත් මට නැහැනෙ. ධම්මික මහත්තයෝ ඔබට පිං. ඔබට වඩ වඩාත් ලැබේවා...
අවන්ගාඩ් සේනාධිපතිගේ මුලික අධාරය පමණක් කොටි 30ක්.
ධම්මික මහත්තයෝ ඔයාට ගොඩක් පින්... බුදු සරණයි.
මෙතන ඉන්න කාටවත් දැන් මතක නැහැ... එංගලන්තෙන් විෂ අපද්‍රව්‍ය ගෙන්නල මුතුරාජවෙලට අත ඇරිය කියල. දැන් මහා පරිත්‍යාගශීලිය. ලංකාවේ අය කවද මේවා තේරුම් ගනීද?
පින් සිදුවේව මහතාණෙනි, මේ උතුම් කාර්යයට, එනමුත් මෙකි මුදල් දේශපාලකයන්ට ලබාදෙන්න එපා. අවශ්‍ය උපකරණ ලබා දෙන්න.
දේශපාලකයින් කොමිස් ගන්න හොරකම් කරන්න බලන් ඉන්නවා මිසක් වංකව ඉපයූ මුදල් පරිත්‍යාග කරන්න කල්පනා කරන්නේ නැහැනේ.