( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා අතරමංව සිටින 12000 කට ආසන්න විදේශිය සංචාරකයින්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා ජාතික සංචාරක වෘත්තිකයින් සඳහා වූ සංගමය සහ සංචාරක පොලිස් කොට්ඨාශය, සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව අද (24) සිට විශේෂ වැඩපිළිවෙලක් දියත් කළේය.
“සංචාරක ආපදා අධීක්ෂණ හා සත්කාරක වැඩසටහන” ලෙස නම් කර ඇති මෙම වැඩසටහනින් ඉදිරි දින 4 දී ජාතික සංචාරක වෘත්තිකයින් සදහා වූ සංගමයේ හා සංචාරක අධිකාරියේ නියෝජිත කණ්ඩායම් කොළඹ, කටුනායක, මීගමුව, මහනුවර, නුවරඑළිය, ඇල්ල, පාසිකුඩා, ආරුගම්බේ, උඩවලව, මිරිස්ස සහ උණවටුන යන ප්‍රදේශ වලට ගොස් එම විදේශික සංචාරකයින් රැදී සිටින ස්ථාන වලට ගොස් ඔවුන් හමුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
එහිදී ඔවුන්ගේ සුව දුක් විමසීම, වියළි සලාක පැකේජ ලබා දීම, වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම, ඔවුන් දැනට මුහුණ දී සිටින දුෂ්කරතා හඳුනා ගෙන, හෑකි පමණින් ආධාර සැපයීම සිදු කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.
මේ කාලය තුළ රජයේ ප්‍රධාන අවදානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා වන අතර ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගැන සැලකිලිමත් වීම ද වැදගත් වන හෙයින් ඔවුන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ජාතික සංචාරක වෘත්තිකයින් සඳහා වූ සංගමයේ ජාතික සම්බන්ධීකාරක ඩොනල්ඩ් රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුතුකමක් වගේම ඉදිරි සංචාරක ව්‍යාපාරයටත් පිටුවහලක්
විශිෂ්ට ක්‍රියාවක්. කවදා හරි නැවත සංචාරක සමයක් එනවා නියතයි. ඒ වෙලාවේ දැන් මේ කරන සැලකීම කියා නිම කල නොහැකි ප්‍රවර්ධන වැඩසටහනක් වේවි!! ඔවුන්ට මෙරට වැසියන්ට සමානව සලකන්න. හොඳ බීජ වපුරපු කල හොඳ අස්වැන්නක් ලැබෙනවා!
දැන් හරි කමක් නැහැ සොයා බලන්න හිතුනනන්. මේ සංචාරකයන්ට වියලි ආහාර දීලා වැඩක් නැහැ. ඔවුන්ට නොමිලේ ආහාර,නවාතැන් පහසුකම් මෙම තත්වය පහව යනතෙක් ලබා දිය යුතුයි. බොහොමයක් සංචාරකයන් එන්නේ සුමාන 3 ක් හෝ මාසයක් වගේ නිවාඩුවක් ගත කරන්න. ඔවුන්ට වියදම් දරන්නත් පුළුවන් ඒ හා සමාන කාලයකටයි. බැංකුවේ සල්ලි ඉවර වුනහම ලංකාවේ නෑයොත් නැත්නම් මොකොද කරන්නේ?
Harald Balder නම් එයාගේ යුටුබ් චැනල් එක ඔස්සේ හික්කඩුව පැත්තේ ඉඳන් ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතාම හොඳ ප්‍රචාරයක් දෙනවා
අතරමන් වෙලා සිටපු සංචාරකයන් ගැන බලන්න තිබුනේ මාර්තු 19- 25 අතර කල සීමාවල..., ඔවුන් ඉන්න ප්‍රදේශ වලින් කටුනායකට එන්න බැරිව හරියට දුක් වින්ද..., එතකොට මේ ගොල්ලන්ට තිබුන ආරක්ෂා කාරී ප්‍රවාහනයක් සපයලා ඔවුන්ට සිය රට යවන එක නිසි ලෙස කළමනාකරණය කරන්න. එතකොට මේ කවුරුවත් නැහැ. දැන් මාසෙකට පස්සේ මොනව බලන්න යනවද ? දැන් ඉතුරුවෙලා ඉන්නේ ලංකවේ ඉඳගෙන රෙස්ටුරන්ට් හෝටල් වැනි ව්‍යාපාරවල යෙදෙන, සහ කොරෝන සහ වෙනත් ප්‍රශ්න නිසා මෙහෙට වෙලා කැමැත්තෙන්ම කාලය ගතකරන විදේශිකයන් පමණි. ඔය ටුවරිස්ට් බෝර්ඩ් එක කලොත් කරන්නේ ඔයවගේ වැඩක්..., ඒ ගොල්ල නිතරම ඉස්තාලය වහන්නේ අශ්වයා පැනල ගියහම , දැන් හොයන්න ඕනේ සංචාරකයන් ගැන නොවේ.... සංචාරක කරමාන්තය කඩාකප්පල් වුන නිසා රැකියා අහිමි වුන සංචාරක කරමන්තයේ නියැළුන සේවකයන් ගැන...