IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලොක්ඩවුන් හදිසියේ ලිහිල් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ 30,000ක් මියයන ලකුණු

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනයකිරීම සඳහා බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි  විශේෂඥවරු අනතුරු අඟවති.
 
මෙම  අදහස ඉදිරිපත් කරන ලද්දේ, බ්‍රිතාන්‍ය රජයට උපදෙස් සපයන විශේෂඥයින් කණ්ඩායමෙන් ඉවත් වූ විශේෂඥයින් පිරිසක් විසිනි. 'ද ඉන්ඩිපෙන්ඩන්ට් සේජ්' යනුවෙන් ඔවුන්ව හඳුන්වනු ලැබේ.
 
පුද්ගලයන් එකිනෙකා හමුවීමට මුණගැසීමත් සමඟ වයිරසය ව්‍යාප්තවීමේ අගය පහතවැටීමේ තත්වය මාස ගණනාවකින් පසු පළමුවරට නතරවී ඇති බව විද්‍යාඥයෝ පැවසූහ.
 
බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යාලේඛන පිළිබඳ ආයතනය පවසන පරිදි, සෑම දිනයකදී ම එංගලන්තයේ 3,000ක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වෙයි. ඒ අනුව, නුදුරු සති කිහිපයේදී නව ආසාදිතයන් ගණන අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යන බවද ඔවුහු පවසති.
 
මේ වනවිට දිනකට පුද්ගලයන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් මියයමින් සිටින අතර, එම අගය එලෙසින් ම පාලනය කරගෙන පවත්වාගෙන ගියේ නම්  ලබන වසරේ මාර්තු මාසය වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 80,000ක් දක්වා අඩු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
 
සිසිර සෘතුව පුරාත් සහ එළඹෙන වසන්ත සෘතුව දක්වාත් දෛනික ආසාදිතයන් ගණන එකම මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් වයිටි  මහතා පැවසුවේය. ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරීම පිළිබඳව සලකාබලමින්, ඔවුන් පැවසුවේ, 'අධි වසංගත තත්වය අවසන්-නමුත් තවම එලෙස අවසන්' නැති බවයි. කෙසේවෙතත් එදිනට සියලු ආපනශාලා, සිනමාශාලා සහ සංස්කෘතිත ස්ථාන යළි විවෘත කිරීමට නියමිතය.

රජය විසින් කරන පරීක්ෂණ සහ ඊට අදාළ වැඩපිළිවෙළ තවමත් නියමිත පරිදි පූර්ණ වශයෙන් සිදු නොවන බැවින්, ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරීමේ තීරණය අපේක්ෂිත කාලයට වඩා ඉතා ඉක්මණින් ගෙන ඇති බවද  මෙම විශේෂඥයින් පිරිස පැවසූහ. ඔවුන් වැඩිදුරටත් පැවසූයේ, පවතින පරීක්ෂණ ක්‍රම හරහා තවමත් හඳුනාගෙන ඇත්තේ, තුනෙන් එකක පමණ කොරෝනා ආසාදිතයන් පිරිසක් බවය. මෙම වැඩපිළිවෙල ඔස්සේ, දෛනික ආසාදිතයන්ගේ අගය අඩුකරගැනීමට නම්, ආසාදිතයන් 10දෙනෙකුගෙන් 8දෙනෙකු හඳුනාගැනීම දක්වා වූ ඉලක්කයක් වෙත යා යුතු බව ඔවුන් මීට ඉහතදී පවසා තිබිණි.
 
එම කණ්ඩායමේ සාමාජිකාවකද වන, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටිනා පේජල් මහත්මිය පැවසුවේ, 'අපි අවදානම් බොහොමයක් එකවර දරමින් ඉන්නේ. ආසාදිතයන් ගණන තවදුරටත් අඩුවන්නෙ නැහැ. පරීක්ෂණ තවමත් පූර්ණ වශයෙන් හෝ නියම ආකාරයෙන් ඉටුවී නැහැ' යනුවෙනි.

16844



අදහස් (2)

ලොක්ඩවුන් හදිසියේ ලිහිල් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ 30,000ක් මියයන ලකුණු

සමන් ඕස්ට්‍රේලියාව Sunday, 28 June 2020 11:35 AM

මෙහෙත් ඒ වගේ කවටයෙක් බලේ හිටියා නම්, අපිටත් වෙන්නේ ඒ ටික තමයි. දැනටම 30,000 නෙවෙයි 43,000ක් මැරිලා...

:       0       0

සමීර Sunday, 28 June 2020 11:14 PM

රටේ වාසනාවකට අපේ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවලට බලය දීලා කොරෝනා මර්දනය කරගත්තා. වේදිකාවල උඩුබුරලන සමහර දේශපාලන විපක්ෂ ගොබ්බයන් කියන දේවල් අහන්න ගියා නම් අද වනවිට ජනගහනයෙන් භාගයක් කොරෝනා හැදිලා. මේක දේශපාලන කෝණයෙන් නොබලා ලංකාව ලබාගත් ජයග්‍රහණයක් ලෙස සලකන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site