(තිළිණි ද සිල්වා)
ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු ගෙන්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර්සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම කියා සිටී.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කියා සිටී.
ඒ අනුව මෙම ගමනාන්ත අද (21) සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
ඒ අනුව අද (21) දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය. 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.
තවත් විශේෂ ගුවන් ගමන් දෙකක් 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 දරන ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් මගීන් 93 ක් ආපසු රැගෙන ඒමට සැලසුම් කර තිබෙන බවද එම සමාගම කියා සිටී.
මෙම ප්‍රාන්තවල ඇති ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත. මෙලෙස ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙන බවද ශ්‍රී ලංකන් ගුවන්සේවය කියා සිටී.
විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදු කෙරේ. වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් විශේෂ ගුවන් ගමනාන්ත 4ක් ක්‍රියාත්මක කරයි
janabala Tuesday, 21 April 2020 08:31 AM
ළමුන් පිටරට යන්නේ ඇයි ඔය රටේ පහසුකම් නැතිද ?උවමනාවේ තියෙන අයටවත් ඉගෙනගන්න නොදෙන රතු දේශපාලනය තුරන් කරවූ.....
හරේන් Tuesday, 21 April 2020 11:28 AM
එයාපෝට් වහලා රට සුරක්ෂිත කරලා තියන මේ අවස්ථාවේ සිසුන්ට විතරක් වෙනම නීතියක් ඇයි? මේ ඇති හැකි දෙමව්පියන් ගෙ දරුවො. බලය තියන අයට නීතිය අදාල විය යුතු නැද්ද?