(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද (30 ) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1187 දරන එම ගුවන් යානය අද දින උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගියේය.
එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන සිසුන් ප්‍රමාණය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ මේ වනතුරු දැනුවත් කර නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එමෙන්ම සාර්ක් රටවල අතරමං වී සිටින සිසුන් යළි මෙරටට රැගෙන ඒමේ පළමු අදියර ඊයේදිනෙන් අවසන් වූ බව ප්‍රකාශ කළ ද , ඉන්දියාවේ කොල්කටා නුවර මෙම සිසුන් ද අද දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු , එම අදියර නිමාවට පත් වන බවත් , තවත් දින කීපයකින් තවත් රටවල අතරමං වී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමට මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 කු ගමන් ගෙන තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ඒ.321- 251 එන් එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර , මෙම ගුවන් යානය අද පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
මෙම ගුවන් යානය යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික සිසුන් ගෙන්වන්න කොල්කටාවට තවත් ගුවන් යානයක්
රවින් Thursday, 30 April 2020 08:26 AM
වැඩේ හොඳයි.හැබැයි රැගෙන ආ හැකි උපරිම සිසුන් ගෙන එනවානම් වඩාත් සුදුසුයි. පහුගිය දවස්වල දැක්කා කට්ටිය වෙලාවට ලැහැස්ති නැතිනිසා දාලා ආවා කියලා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ගෙනෙන්නේනම් වියදම සම්පුර්ණයෙන් ඒ අයවලුන් විසින්ම දැරිය යුතුවේ. ඕනෑම කෙනෙකුට උදවු කළහැකි ප්‍රමාණයක් ඇත. තම තමන්ගේ රුචිකත්වය අනුව අනික් අයවලුන් වැඩකලයුතු නම් වියදමත් එලෙසම දැරිය යුතුවේ.