IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි

(තිළිණි ද සිල්වා)

මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්  අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව විදේශයන් හී නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් , ඊට අමතරව ⁣ලිඛිත සාක්ෂි සහිත වෛද්‍යමය හදිසි තත්වයන් ද විශේෂ අවස්ථා ලෙස සලකා එවැනි පිරිස්ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කවරකුට ද යන්න අදාල තානාපති කාර්යාල ප්‍රධානියා විසින් එම කාර්යාලයන්හි සේවය කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් සමග සාකච්ඡා කොට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස පිළිපදින්නැයිද විදේශ අමාත්‍යවරයා විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා  දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී ඇත.

එම පිරිස් ගෙන්වා ගැනිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  විදේශ සබඳතා  අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගත් බවද හෙතෙම  මේ බව කියා සිටියේය.

මෑතකදී කුවේට් රාජ්‍යයෙන් නැවත මෙරටට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත සැලකිය යුතු ලෙස දැනට එල්ල වී තිබෙන පීඩනය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම කාර්යය සිදු කෙරෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී. 

ඉදිරියේදී , සියලුම ගුවන් ගමන් වලට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව විමර්ශනය කරන බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

 නැවත ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 21,000ක් පමණ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනනෙේය.

දැනට ඉහල අවදානමකට ලක්ව සිටින මාලදිවයිනේ සිටින පිරිස් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.
 



අදහස් (4)

ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි

rama Sunday, 31 May 2020 08:55 AM

ඔක්කොම රටවල්වල ඉන්න අය අවදානමකට ලක්වෙලා..

:       2       2

de silva Sunday, 31 May 2020 09:32 AM

මාලදිවයිනේ පුද්ගලයින් ගෙන එන්න අර ඉන්දියාව කළාවගේ නැවක් ඇරියා නම් ඉවරයිනේ... ඔවුන් හම්බන්තොට වරායෙන් රට ඇතුළට ගන්න පුළුවන්... ඔවුන් නිරෝධායනය කරන්න පුළුවන් රජයේ ගොඩනැගිලි පහසුකම් එහෙ තිබෙනවා.. වහාම ක්‍රියාත්මක වන්න...

:       1       3

de silva Sunday, 31 May 2020 10:06 AM

දවසකට කීයක් ගෙන එනවද ?

:       1       0

isuru Sunday, 31 May 2020 10:26 AM

බොරලුගොඩ සිංහයා හිටියා නම් දිවි නහගනු නියතයි .

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site