(එෆ්.අස්ලම් )
කොවිඩ් 19 වයිරසය පැතිරීම හේතුවෙන් කාර්යබහුල තත්වයක සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී මුහුණ පාන අපහසුතාවන් සහ කාලය සැලකිල්ලට ගෙන වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල් පරිශ්‍රය තුළදීම අත්‍යවශ්‍ය ආහාර මිලදී නීමේ ක්‍රමවේදයක් බදුල්ල පළාත් මහ රෝහලේදී අද(25) සිට ආරම්භ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව විසින් ප්‍රදේශයේ තොග වෙළද ව්‍යාපාරිකයන් පිරිසක් සමගින් සාකච්ඡා කර පැමිණි එකගත්වයකට අනුව එළවළු,සහල්,පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර රෝහල් කාර්ය මණ්ඩලයට කාර්යමණ්ඩලයට රෝහල් පරිශ්‍රයටම අතවශ්‍ය භාණඩ ගෙනවිත් දීමට තීරණය කෙරිණි.
ඒ අනුව අද(25) සිට බදුල්ල පලාත් මහ රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලයට අපහසුතාවකින් තොරව සාමාන්‍ය මිළට සිය අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රීක් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
පවතින තත්වය නිම වන තෙක් රෝහල් කාර්ය වෙනුවෙන් මෙම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙම කාර්යට සම්බන්ධ වූ බදුල්ල ප්‍රදේශයේ වෙළද ව්‍යාපාරිකයන් එකගත්වය පලකළ බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝඩිම්ව්වවල සහ බද්දට ඉන්න සෞඛ්‍ය සේවා අයට නවාතැන් පහසුකම් රෝහල් තුලම ලෑස්ති කරගන්න එකත් හොදයි නේද.. පව් ඒ මිනිස්සු. ඒ මිනිස්සු ඉන්න තැන් වලින් ප්‍රශ්න කියලා තිබුනා. ඒ තැන් වල අයට නඩු දමන්න සෞඛ්‍ය සේවා වලට බාදා කරා කියලා.
මේ ක්‍රමවේදය ඇත්තටම මේ මොහොතේ වෙන්න ඕනම දෙයක් කියලයි මම හිතන්නේ. සෞඛ්‍ය සේවා අංශ වල පිරිස් මේ වෙලාවේ තමන්ගේ ජීවිත අවධානමද නොතකා කටයුතු කරන තත්වයක ඔවුන්ට කාලය සොයා ගැනීම ඉතා ම අඩුයි. ඒ නිසා මේ ක්‍රියාවලිය රටේ අනෙකුත් රෝහල්වලටත් හදුන්වා දෙනවානම් ගොඩක් හොදයි නේද ? වගකිවයුත්තනගේ අවධානය යොමු වේවා.