රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක් වාර්තා වී ඇත.
ඒ අනුව එරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 52 764ක් දක්වා ඉහල ගොස් තිබේ.
රෝගීන් 51 දෙනකු පසුගිය පැය 24 තුළ මියගොස් ඇති අතර රුසියාවේ මෙතෙක් සිදුවූ මරණ සංඛ්‍යාව 456කි.
වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවධියේදී වෙනත් බොහෝ බටහිර යුරෝපීය රටවලට වඩා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වුවද අප්‍රේල් මස මුල සිට රෝගීන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස ඉහල යෑමට පටන් ගෙන තිබේ.
රුසියානු සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට රටපුරා කොරෝනා වයිරස පරීක්ෂන මිලියන දෙකකට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.
එසේම රුසියාවේ හමුවූ රෝගීන්ගෙන් අඩකට වඩා රෝග ලක්ෂණ නොපෙන්වූ බවද ඔවුහු පවසති.
රුසියාවේ වයඹ දිග ආකැන්ගල්ස්ක් කලාපයේ මනෝ චිකිත්සක රෝහලක රෝගීන් සහ කාර්යමණ්ඩලය බොහෝ පිරිසක් වයිරස ආසාදනයට ලක්ව ඇතැයි රුසියානු කොරෝනා වයිරස ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම රුසියානු රෝහලක ද වෛද්‍යවරුන් 78දෙනකු සහ රෝගීන් පිරිසක් වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 5 642ක්