රුසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පැවතියද මොස්කව්හි අඟුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව මොස්කව් නගරයේ උද්‍යාන සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කර ඇති අතර සති නවයකට පසු ප්‍රථම වතාවට එළිමහනේ ඇවිදීමට සහ සීමා සහිතව ව්‍යායාම්වල නිරතරමට අවස්ථාව ලැබී තිබේ.
රුසියාව කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව පසුකළ බව ජනපති ව්ලැදිමීර් පුටිං මහතා පසුගිය සතියේ නිවේදනය කළේය.
නව ආසාදිතයින් 9035 දෙනෙකු එරටින් අද වාර්තා වූ අතර අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 162 කි.
ඒ අනුව රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 414,878 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඇමරිකාවට සහ බ්‍රසීලයට පසුව ලොව තුන් වැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වීමෙනි.
වෛරසය හේතුවෙන් රුසියාවෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 4855 කි.
-226-
(බීබීසී ඇසුරෙනි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුසියාවේ අගුලුදැමීමේ සීමා ලිහිල් කෙරේ