(එම්.කේ. නන්දසේන )
කතරගම ගෝතමීගම ප්‍රදේශයේ හුඹස" යනුවෙන් හඳුන්වන ස්ථානයක නවාතැන් ගෙන සිටි බව කියන රැසියන් ජාතික කාන්තාවක් සොයාගත් කතරගම සෞඛ්‍යය නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව දින 14 ක් එම ස්ථානයේ රඳවා ස්වයන් නිරෝධායනයට ලක්කිරීමට පෙරේදා (06) කටයුතු කළේය.
එම කාන්තාවගේ මාර්ගෝපදේශකයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ නිකේතන හිමි කරැටද නිරෝධායනය වන ලෙසට තරයේ අවවාද කළ බවද
කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
මෙම කාන්තාව ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ වුවත් විවිධ ප්‍රදේශයන්හි ඇවිද විවිධ පුද්ගලයින් ඇසුරු කර ඇති බවට තොරතුරු ලැබි ඇති නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍යය නිලධාරීන් කියයි.
අද (07දා) දිනය වන විට නිවාඩු නිකේතනතුල සිටි වදේශීය ජාතිකයින්, නිකේතන කාර්ය මණ්ඩල හා පිට ප්‍රදේශයන්හි සිට පැමිණි බව කියන පුද්ගලයින් 132 දෙදෙනෙකු එම ස්ථාන වෙත තබා ස්වයන් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඉන් 70 දෙනෙකු පමණ සංඛ්‍යාවක් නියමිත කාලය ගතකිරීමෙන් පසු මුදාහැර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක, මහජන පරීක්ෂක වරැන් වන කේ.ජී. දිලාන් බුද්ධික, සෙල්ලකතරගම මහජන සෞඛ්‍යය පරීක්ෂක තක්ෂිල මධුසාන් යන නිලධාරීන් අදාල නිකේතනය වටලා අවවාද උපදෙස් ලබාදෙන අයුරු මෙහි දැක්වේ.


2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුසියානු කාන්තාව ඇතුළු තිදෙනාම නිරෝධායනයට
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Tuesday, 07 April 2020 12:35 PM
හැපින්නක් වෙන්න ඕන හුඹසක නවාතැන් ගන්න...