ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සීමා සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ (හුදෙකළා කිරීම) ඇතුළු දැඩි සීමා ලිහිල් කිරීමට රටවල් කිහිපයක් පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් දිනපතා වාර්තා වන මරණ සහ ආසාදිතයන් ගණන අඩුවීමත් සමඟ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉරානය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
මාස දෙකකට ආසන්න කාලයක් පනවා තිබූ දැඩි සීමා මැයි 4 වැනිදා ඉවත් කරන බව ඉතාලිය නිවේදනය කර ඇත.
කොරෝනා ආසාදිතයන් ඇසුරු කරන පුද්ගලයන් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව නවතම ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියානුවෝ මිලියන 1.3 එම මෘදුකාංගය තමන්ගේ ජංගම දුරකතනවලට භාගත (ඩවුන්ලෝඩ්) කරගෙන ඇතැයි වාර්තා විය.
වයිරසයේ පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සීමා ලිහිල් කරන්නේ කෙසේදැයි තවමත් වචනයක්වත් කිව නොහැකි යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය. කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සති කිහිපයකට පසු ඩවුනින් වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසට ඉරිදා රාත්‍රියේ පැමිණියේය. හෙතෙම අද (27) නැවත රාජකාරී ආරම්භ කළේය.
අවසන් පැය 24 දී වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයකු බවත් එබැවින් නවසීලන්තය වයිරසය තුරන් කර ඇති බව තහවුරු වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩ් ආඩෙන් අද (27) පැවැසුවාය. ඒ සති හතරකට වැඩි කාලයක් පනවා තිබූ සිවුවැනි මට්ටමේ අවදානම පහත හෙළන බවත් ඇය කීවාය. නවසීලන්ත කොරෝනා වයිරසයට එරෙහි සටන ජයගෙන ඇති බවත් පුළුල් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවත් ඇය කීවාය.
මේ තත්ත්වය මත වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තවදුරටත් කීවාය.
අල්ජසීරා/ද ගාඩියන්
055
2025 දෙසැම්බර් මස 04
468
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටවල් කිහිපයක් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි