(ඉන්දිකා රාමනායක)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ප‍්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය වු අසත්‍ය ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂයවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.
මේ හේතුවෙන් එම රෝහලේ ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටි බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු කොරෝනා ආසාදිත රෝගියකු ප‍්‍රතිකාර නොගන්නා බවත් සමාන්‍ය රෝගීන්ට කිසිදු බියක් පැකිලීමක් නොමැතිව වෙනදා මෙන් පැමිණෙන ලෙසට රෝහල් අධ්‍යක්වරයා දැනුම් දුන් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
164
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2058
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1582
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිජ්වේ රෝහල ගැන බොරු තොරතුරු පැතිරවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ
Laksitha Paris Thursday, 02 April 2020 02:08 PM
දෙන්න ලොකු දඩුවම්.. මුන් කොරෝන වලට වඩා දරුණුයි .. බොරු ලියන මුන්ට 5 අවුරුදු දැඩි දඩුවම් දෙන්න..
Prabha Thursday, 02 April 2020 03:12 PM
මෙවැනි බොරු පැතිරවීමෙන් මෙ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ?
Raveendra Thursday, 02 April 2020 06:23 PM
කරුණාකර මෙම තිරිසන් සුනඛයන්ගේ සියලු විස්තර සහිතව චායරුපද මහජනතාවට දැනගනුමට ප්‍රසිද්ධ කරන්නේ නම් එය වැදගත් වනු ඇත. මෙවන් අවදානම් අවස්ථාවකදී මෙසේ තම තමන්ගේ දේශපාලන අරමුණු හෝ ඒ ඒ තිරිසනුන්ගේ විකුර්ති අදහස් මුදුන්පත් කරගැනීමට යොදාගත් මෙම නිහින ක්‍රියාවට සම්බන්ද කිසිවෙකුට අපගේ මාතෘබුමියේ ජීවත්වීමේ කිසිදු අයිතියක් නොමැති බැවින් මෙම පර බල්ලන්ව අල්ලා මහජන මුලින්ම නඩත්තු කිරීම කිසිසේත්ම නොකළ යුතු බැවින් මෙම කාලකන්නිව වෙඩි තමා මරා දැමීම හැකි ඉක්මනින් කල යුතුය. මෙය අප සමාජයට කරන මහගු සේවයකි.
rasika Friday, 03 April 2020 12:03 AM
යු එන් පී කාරයෙක් වෙන්න ඇති..