විනීතා එම් ගමගේ
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුටත් එම වෙබ් අඩවිවලට පිවිසිය නොහැකි පරිදි එම අඩවි වසා දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශවල වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගේ
උවමනාවට යැයි හෙලිවෙමින් පවතින බව රජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධව ආයතන දෙකම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද දැනුම්දී තිබේ.
COMMENTS
ඕවා ක්‍රියාත්මක වුනත් පුරවැසියන්ට නිසි සේවයක් වෙන්නේ නැහැ. එම නිසා ඕවා අක්‍රිය වුණා කියලා විශාල ප්‍රශ්නයක් නැහැ...
මළ කෙළියයි මහරජ ... කිව්වාලු.. මහා පුදුම දේවල්නේ දැන් සිද්ධ වෙන්නේ... අනේ මන්දා..!!!
ආණ්ඩුව හදපු බොරුවක්..!!! අතේ පැලවෙන බොරුවක්...!!!
අපේ සර් හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ... එයාගේ පාලනයක් යටතේ කාටවත් සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නෑ කියලා ඉස්සර කට්ටියක් කිව්වා වගේ මතකයි.
හොඳයි, නියමයි..
නොහැකියාව වහගන්න කියන පට්ටපල් බොරුවක් මේ..
ඕවා තිබුණා කියලා වැඩක් ඇති ඒවායැ?
මෙය මේ දිනවලම සිදුවූයේ මන්දැයි යන්න ගැටලූවකි. තොණ්ඩමන් සිද්ධියට විශාල අනුග්‍රහයක් ලබුණානේ.ඒ නිසා දෙමළ මිනිසුන් ටික සිංහලයන් හා සමගියෙන් සිටියොත් කොටි සටන ගෙනියන්න බාධාවක් නේ.ඒ නිසා මෙසේ කරායැයි සිතන්නට පුලුවන්.මේ වැඩේට බොහෝවිට කොටි වෙනුවෙන් හඬ නගන ද්‍රවිඩ දේශපාලකයන් සබඳකමක් තියෙන්නට පුළුවන්.
කිසිම කෙනෙකුට වැඩක්ම නැති රජයේ ආයතන දෙකක්...
මේක ඇතුලෙම වැඩක් වෙන්න බැරිද? නැතිවීගෙන යන ජනතා ප්‍රසාදය ජාතිවාදය අවුස්සා නැවත ලබා ගැනීම අරමුණ වෙන්න පුලුවන්...
මෙම ප්‍රහාරය එල්ල කලේ මොන රටෙන්ද යන්න දන්නවා නම් ලක්රජය ඒ රටට විරෝධය පලකරන්නේ නැත්තේ මොකද?
මැද පෙරදිග අහිංසක ජනතාව ගෙන්න බැරිනම් කෙලින්ම බැහැ කියන්න. මේතන සයිබර් ප්‍රහාරයක් කියලා බොරු නොකියා. මේ අය පටන් ගත්තෙ බොරුවෙන්. අන්තිමය දක්වා කරන්නෙත් බොරුව....
ලංකාවේ තියෙන රජයේ වෙබ්සයිට් ගොඩක් හදන්නේ අඩුම අවුරුදු 5-10ක් පරණ තාක්ෂණේ පාවිච්චි කරලා. හැබැයි තොරතුරු තාක්ෂණ අායතනයෙන් දන්නේ බිලියන ගණන් වල බිල්... එ්කේ වැඩක් කරයි කියලා හිතපු සංජිව වීරවර්නත් ඉල්ලා අස්වෙලා තිබ්බේ.. ඩ්‍රයිවින් ලයිසන් වලට බිලියන 9ක ප්‍රොජෙක්ට් එකක්, කෝච්චි ටිකට්වලට බිලියන 3ක පරණ තාක්ෂණයක් ගෙනත් ගහන්න යන සිද්ධියකට...
ඕවා තිබිලා මොකටද ? යාවත් කාලින කරන්නේ නැහැ. යොමු කරන ලිපියකට පිළිතුරු නැහැ. නිකන් බොරු සෝබන පමණි.
රාජ්‍ය පරිපාලනේ වෙබ් අඩවියට හැකරුන් කොටලාලු.. පුදුමයි අහන්නට යන්නට තැනක් තිබුනේම නැත්නම් ඔවුන්ට නරකද ගියානම් පොදු වැසිකිලියකට?
ඡන්දෙ කිට්ටුවෙනකොට ටැමිල් යුද්ධය හා පාස්කු ප්‍රහාරය මතක් කරනවා..
අපේ රටේ මිනිස්සුවත් ගණන් ගන්නේ නැති ආයතන දෙකක වැඩකට නැති සයිට් දෙකකට ප්ලෑන් කරලා ගේම් දෙන්න ත්‍රස්තවාදින්ට වෙන වැඩ නැතිව ඇති.