( කාංචන කුමාර ආරියදාස)
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරිවල යෙදී සිටින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරීන්ටද රජය විසින් දෙනු ලබන රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ග්‍රාම නිලධාරීන් සඳහා ඉකුත් මාර්තු 15 දා සිට ජූනි මස 15 වැනි දින දක්වා ඉන්ධන දීමනාව මසකට රුපියල් 450 බැගින් ලබාදීමටත් වෙනත් වසම්වල වැඩ බලන්නේ නම් එම දීමනාව රුපියල් 600 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඔවුන්ගේ දුරකථන දීමනාව රුපියල් 600 සිට 1500 දක්වාත් වසම තුළ රාජකාරි කිරීමේ දී ගෙවනු ලබන ගමන් දීමනාව රුපියල් 400 සිට රුපියල් 1200 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දඹුල්ලේ පිහිටි නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විෂයභාර ඇමැතිවරයා ලෙස තමන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට, මාණ්ඩලික නිලධාරීන්ට, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු මන්ත්‍රීවරුන්ට, ග්‍රාම නිලධාරීවරුන්ට, සෞඛ්‍ය අංශවල සියලු නිලධාරීන්ටත්, ත්‍රිවිධ හමුදාවට හා පොලීසියටත් ප්‍රණාමය පුදකර සිටින බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විශ්‍රාමිකයින්ටත් යමක් ලැබෙයිද ?
රටේ ආර්ථිකයේ වැඩි බර අදින්නේ පුද්ගලික අංශය.කිසිම පිදේනියක්වත් නොගෙන ඇඳිරි නීති අවසර අරන් සහ ගෙවල්වල ඉඳන් වැඩ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මොන කෙරුමා මොනවා කිව්වත් පුද්ගලික අංශයට පන දෙනකම් රට හාන්සියි.ඉතින් මේ රටේ ඔක්කොම චන්ද පිදේනි නිකම් පිනාලටයි රාජ්‍ය අංශයේ අයටයි දෙන එකේ තියෙන සාධාරණය මොකක්ද?
හා හා කොහොමෙන් කොහොමහරි " කොරෝනා සරණං ගච්චාමි " කියලා කීය කීය හරි දීලා චන්ද ටික ගන්න බලන්නකෝ. එක ඇත්තක් විතරක් හරි රාජ්‍ය තාන්ත්‍රික නිලදරුවන් වන ත්‍රිවිද හමුදාව, පොලිසිය, සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු, හෙදියන්, අනිකුත් රෝහල් කාර්ය මණ්ඩල, ග්‍රාම සේවා නිලදාරීන් වාගේ අයගේ නොපසුබට උත්සාහය, ධෛර්යය හින්දා තමා අපි තාම මෙතරමින් හරි බේරිලා ඉන්නේ. අනික ඉහත නිලදාරින්ට දැන් කියක් හරි වැඩිපුර ගෙවන්න පුළුවන්. දියවන්නාවේ දොරගුල් දාලා හින්දා සැහෙන මුදලක් ඉතිරියිලු...
ඇමතිතුමනි, විශ්‍රාමිකයකු ගෘහ මුලික් ලැයිස්තු ගතව සිටී නම් එම පවුලේ වෙනත් කිසිවකුට මොනම හේතුවකටවත් රුපියල් 5000/- දීමනාව ලබා දීමට ග්‍රාම නිලධාරීන් සහ කොමිටි නිලධාරීන් අනුමැතිය දෙන්නේ නැත. විශ්‍රාම වැටුප ලැබෙන්නේ අද පවතින වැටුපට කිසිසේත් අනුරුපිව නොවේ. එම නිසා විශ්‍රාමිකයා ඉතා අසරණ භාවයට පත්වී සිටින මේ මොහොතේ, රජයේ නිලධාරීන්ට, පොලිසියට, හමුදාවන්ට ලබා දුන් රුපියල් 5000/-සහනාධාරය විශ්‍රාමික පිරිසටත් ලබා දීම සාධාරණයි නේද?