IMG-LOGO

රැකියාවලට යන අයට කොන්දේසි මාලාවක්

(ඩයනා උදයංගනී)

පවතින තත්ත්වය යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන අත්‍යාවශ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය.

මෙම වැඩපිළිවෙල යටතේ ධාවනය කෙරෙන දුම්රියවල ගමන් කළ හැක්කේ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන දුම්රිය ප්‍රවේශපත්‍රලාභී සේවකයින්ට පමණක් වන අතර එම සේවකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් සපයාගැනීම සඳහා ආයතනය විසින් දුම්රිය සේවා අවශ්‍ය සේවකයින්ගේ ලැයිස්තුවක් දුම්රිය මූලස්ථානය වෙත යොමු කළ යුතු බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

එම ලැයිස්තුව සමඟ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකය, දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ අංකය, දුම්රිය ලබාගන්නා දුම්රිය ස්ථානය, උදෑසන දුම්රියට පැමිණෙන වේලාව, රාජකාරී නිම කර දුම්රියෙන් නිවස බලා පිටත්වයන වේලාව ආදී තොරතුරු ද දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

එසේ ආයතනය මගින් ලබාදෙන ලැයිස්තුව අනුව සේවකයින්ට දුම්රිය සේවා සපයන අතර ඔවුන්ට අවශ්‍ය වේලාවට පැමිණීම සඳහා දුම්රියක ආසන අංකයක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි ද වී.එස් පොල්වත්තගේ මහතා කීවේය.

එම මගීන්ට අදාළ දුම්රිය, එය පැමිණෙන වේලාව, ඔවුන්ට හිමි ආසන අංකය කෙටි පණිවුඩයක් මගින් ජංගම දුරකතනයට යොමුකරන බවද දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මෙසේ ගමන් ගන්නා දුම්රිය මගීන්ට අදාළ දුම්රිය මහ හැරුණහොත් වෙනත් විකල්ප දුම්රියක් නොලැබෙන බැවින් එම දුම්රිය පැමිණෙන වේලාවට පෙර දුම්රිය ස්ථානයට පැමිණ සිටිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
මෙම දුම්රියන්හි ගමන් ගන්නා මගීන් වෙනුවෙන් අත්සේදීමේ හා විෂබීජහරණයට ලක්වීමේ පහසුකම් ආදිය දුම්රිය ස්ථානවල සපයා ඇතැයිද පොල්වත්තගේ මහතා කීවේය.

ධාවනය කෙරෙන දුම්රියවල ගමන් ගන්නා එම පිරිස් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර එම උපදෙස් මෙසේය.


* මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ.
* සෙසු පුද්ගලයින් හා මීටරයක දුරක් පවත්වාගත යුතුය.
* දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී සබන් යොදා අත් සේදිය යුතුය.
* දුම්රිය ස්ථානයේ පහසුකම් සපයා ඇත්නම් විෂබීජහරණයට ලක්විය යුතුය.
* දුම්රිය ස්ථානයට ඇතුළුවිය හැක්කේ දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයක් තිබේ නම් පමණි.
* දුම්රියට පිවිසීමේදී හා පිටවීමේදී තදබදයක් ඇතිනොවන අයුරින් කටයුතු කළ යුතුවේ.
* දුම්රිය ස්ථානයේ හා මැදිරිවල සිට කෙලගැසීම, කසල බැහැර කිරීම තහනම් කර ඇත
* අනවශ්‍ය ගමන් මළු රැගෙනඒමෙන් වැළකිය යුතුය.
* සාමූහිකව සාමීචියේ යෙදීම කාඞ් සෙල්ලම් කිරීම ආදී කටයුතු තහනම් කර ඇත.
* පොදු වැසිකිලි භාවිතය හැකිතාක් අවම කළ යුතුය.
* පෞද්ගලිකව අත් පිරිසිඳුකාරකයක් භාවිතා කිරීම සුදුසුය.
* කිසිම හේතුවක් මත තමන්ට වෙන් කළ ආසනයේ හැර වෙනත් ආසනයක ගමන් නොකළ යුතුය.



අදහස් (8)

රැකියාවලට යන අයට කොන්දේසි මාලාවක්

jaya Tuesday, 05 May 2020 08:44 AM

පිළිවෙලක් ඇති කිරීමට ගත් උත්සහය අගය කරමි.

:       0       0

de silva Tuesday, 05 May 2020 10:36 AM

ආයතන බොහොමයක් ඉස්සරහ මෙවැනි තාවකාලික අත සේදීමේ ජල කරාම සවිකර ඇති බව මම දුටුවා නමුත් අත සෝදලා කරාමය වහන කොට කරාමයේ තිබෙන වෛරස් අතේ ගැවෙනවා. මේ ජල කරාම මගින් ඒවා අල්ලන සියලුදෙනාටම කොරෝනා බෝ වෙන්න ඉඩ තිබෙනවා. කරුණාකර පදයෙන් ක්‍රියා කරවිය හැකි කරාම සවි කරන්න. මේ කාර්යාලයට පොදු ප්‍රවාහන ක්‍රියා පටිපාටිය ඉතා සංකීර්ණ බව පෙනෙනවා. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද ?

:       0       7

Sandira namal fernando Tuesday, 05 May 2020 10:37 AM

දුම්රියක ආසන ලබාගන්නේ කෙසේද?

:       0       0

Samitha Senaka Aluthgamage. Tuesday, 05 May 2020 01:47 PM

දුම්රිය හා බස්වල පොල් පටවනවා වගේ මගීන් ගෙනගියා වගේ දැන් බැරි බවයි පේන්නේ. කොරෝනා නරකයා උනත්,ඉඩකඩක් ඇතිව මේ වගේ වැඩ පිළිවෙලක් ඇතුව යාමට ලබාදීම නම් හොඳ වැඩක්.

:       0       18

jayath Tuesday, 05 May 2020 02:08 PM

මේ වැඩේ නම් අංක එකයි. නමුත් කරන්න ගියාම නොහිතපු ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් එනවා. අනිවාර්යයි ඒවට මුහුණ දීලා මේ වැඩේ කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා !

:       0       9

vipula Tuesday, 05 May 2020 02:45 PM

කාඩ් සෙල්ලම් කරන අයටනම් හොද වැඩේ. ඒ අය ඉන්නේ මගීන්ට හිරිහැර වෙන විදිහට. ලොකු ඉඩක් තියාගෙන යන්නේ....

:       0       0

kumara Tuesday, 05 May 2020 04:15 PM

11 වැනිදායින් පස්සේ වැලි ටිපර්වලට කොළඹ යන්න පුළුවන්ද?

:       0       0

සංජු නවරත්න Thursday, 07 May 2020 06:20 PM

බස් රථ වල මඟීන් 25 දෙනෙකු පමණක් නම් නංවා ගත හැක්කේ. අතරමඟ නැවතුම් ස්ථාන වලින් නඟින අයට කුමක්ද සිදුවන්නේ? බස් රථ කීයක් එනකම් බලා සිටිය යුතු වේද? එබැවින් මෙම කාර්යය ප්‍රායෝගිකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 137 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2256 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site