(රොමේෂ් මධුෂංඛ)
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ අතරින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෝ පස් දෙනෙක් අද (07) නිදහස ලැබූහ.
සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ මෙම පස් දෙනාගෙන් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රික්කයේ සහ තිදෙනෙකු කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.
පැවති ඇඳිරිනීතිය තත්වය හේතුවෙන් යාපනය බන්ධනාගාරයෙන් නිදහස් වූ සිරකරුවන් පස් දෙනාගෙන් කිලිනොච්චියේ පදිංචි තිදෙනාට ගමන් කිරීමට බස්රථ හෝ ගමනාගමන පහසුකම් නොමැති වීම හේතුවෙන් යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බසයෙන්ම නිදහස ලැබූ සිරකරුවන් තිදෙනා නිවෙස් වෙතට රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd