(ඩයනා උදයංගනී සහ මහින්ද නිශ්ශංක )

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක් පමණ තිස්සේ වසා දමා තිබූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක රාජකාරී කටයුතු යම් යම් සීමාවන් යටතේ අද (11) සිට ආරම්භ කෙරිණි. මෙම කාර්යාල සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා මේ සතිය තුළ, එනම් මෙම මස 15 වැනිදා දක්වා, ධාවනය වන දුම්රියවල විස්තර පහත පරිදි වේ.

කෙසේ වෙතත් දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක්  පවතින බව  දුම්රිය දෙපරේතමේන්තුව පවසයි. සේවය සඳහා පැමිණෙන සීමා සහිත කාර්ය මණ්ඩල වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

මෙම දුම්රියවල ගමන් ගත හැක්කේ තොරතුරු ලබාදී ආසන වෙන්කරගත් මගීන්ට පමණක් වන අතර සතිපති දුම්රිය කාලසටහන ද වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ යටතේ  ලබන 18 වැනිදා සිට 22 දක්වා සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික සේවක සේවිකාවන්ගේ තොරතුරු ලබන 13 වැනිදා සවස 6.00 ට පෙර ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කොට එවිය යුතුයැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එච් පොල්වත්තගේ මහතා පැවසීය