(පී.එම්. රාජපක්ෂ)
මහනුවර දිස්ත්‍රික්කයට සහ නගරයට දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතීය පැනවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වන ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය හා වැව රවුම පාළුවට ගොස් ඇති අයුරු අද (02) දින දක්නට ලැබිණි.
මහනුවර වැව රවූම වෙනත් දිනයකදී නම් දෙස් විදෙස් සංචාරකයින් හා වෙළෙන්දන්ගේ පිරි තිබෙන ස්ථානයන් වන අතර දෙනෝදාහක් ගමන් ගන්නා මාර්ගයකි.
නමුත් අද ඒහි උරුමකරුවන් වි ඇත්තේ වෙනදා ඈතින් දකින සත්ත්ව කොට්ඨාශයන් වන කපුටන්, තාරාවන්, වැනි නිදැල්ලේ සැරි සරන සතුන් වේ.
කෙසේ වෙතත් විටින් විට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අංශවල නිලධාරින් හා දළඳා මාලිගාවේ රාජකාරි නිරතවන පුද්ගලයින් පමණක් මෙම පරිශ්‍රයේ දිනවල දක්නට ලැබේ.







COMMENTS
ඇඳිරි නීතිය වෙලාවේ කවුද එලියට බැහැල ඇවිදින්නේ ? විශේෂයෙන්ම වැව වටේ යන්න...
"..කාටත් වඩා.. කවුරුවත් වැව රවුමේ නැති පාළුව දැනෙන්නේ මේ ගල් බන්කුවලටයි...වෙනදට මේ ගල් බංකු ..පෙම්වතුන්ගෙන් පිරිලා.. ඔවුන් එකිනෙකට දොඩන පෙම්වදන් ..මේ බංකු නිශ්ශබ්දව අසාගෙන ඉන්නවා. සමහර දේවල් ඉතාමත්ම මිහිරියි. සුන්දරයි.. බඩ පැලෙනකම් හිනා යනවා.. එත් සමහරු කියපු දේවල් හරිම වේදනාබරයි...දුක හිතෙනවා. ඒත් මේ ගල් බංකු වල හදවත් ගල්වගේ නිසා ඕනෑම දුකක් ඉවසගෙන ඉන්න පුළුවන් කියලයි මිනිස්සු හිතන්නේ. ඒවුනාට ..අද මේ බංකු මිනිස් පහසක් ලබන්නේ නැහැ. බොළඳ කතා ඇහෙන්නේ නැහැ. දුක් මැසිවිලි කියන්න කව්රුවත් මේවා වල වාඩිවෙන්නේ නැහැ... දැන් මේ බංකු තනිවම හඬනවා...එදා හොරෙන් කන්දුන්න පෙම්වතුන්ගේ ලස්සන බොළඳ වදන් මතක්කරලා තනිවම හිනාවෙනවා..එත් ..ඔවුන් දකින්න නැතිනිසා ඔවුන් අයෙත් කවදා එවිදොයි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා...ජීවිතයත් ඒ වාගේ නොවෙයි කියලා කියන්න කාටවත් බැහැ නේද...?"
ලක් මෑණියන්ගේ තුරුලෙන් මිදී , දුර ඈතක දිවි ගෙවතත් , අතීතයේ නුවර වැව වටා ඇවිදිමින් ගත කල ඒ අතිශයින්ම සුන්දර කාලය මතක් වී ඇසට කඳුලක් නැගුණි... විජිත් මහතාගේ කොමන්ටුව, ලස්සන නිසදැසක් වැනියි. ආසාවෙන් කියවා රස වින්දෙමි. අහෝ ! කාලය මැවු වෙනසක තරම.
මේ ගල් බංකුවල පහස ලැබුවේ පෙම්වතුන් පමණක් නොවෙයි. විරැකියාවෙන් පෙලෙන අය ,පවුල් ප්‍රශ්න, ණයතුරුස් වලින් හෙම්බත් උන පිරිස් වගේම ජිවිතයේ සැන්දෑ සමය ගෙවන වියපත් අය බලාගත් අත බලා සිටින සොඳුරුතම ස්ථානය. දළදා මාලිගය පරිශ්‍රයෙන් , වේල්ස් උද්‍යානයේ මනරම් පුෂ්පයන් ගෙන් සිපගෙන එන සිසිල් සුළගින් ,මදකට හෝ ගත සිත සතපවාගත් , තම මිතුරන් දකින්නට නොමැති ගල් බංකු ,පාළුවෙන් වෙලී සිටින්නේ ,කොහේදෝ ඈතක සිටි "කොරෝනාවක්" කල හදිය ගැන කිසිම හැඟීමක් දැනීමක් නොමැති කමින්. හැඟීමක්, දැනීමක් දැනෙන අපි වගකීමෙන් කටයුතු කර මේ කොරෝනා වසංගතය පලවා හැරීමට හැකි සෑම දෙයක්ම කර ,අපගේ ලක් මාතාව මේ භයානක උවදුරෙන් ගලවාගැනීමට සිතට ගමු.
මුළු ලෝකෙම වගේ නිහඬයි , හැබැයි ස්වභාවධර්මය ඒ අතිරින් හිනාවෙනවා. නැවතත් ජීවයක් ලබමින් ඉන්නවා.
අපද්‍රව්‍ය විසි කරන්න කවුරුත් නැහැ, දැන් වැව පිරිසුදු වෙයි දුර්ගන්දය නැති වෙයි පරිසරය සුරක්ෂිතයි.
සොබාදහම දුන් දඩුවම !!! නොමිනිසුන්ගේ නොහොබිනා ක්‍රියාවලියට සොබ්දහම පිළිතුරු දෙයි
මේ... නගරය මා ඔබ මුණගැසුනු නගරයයි…
චුටි පුතා මගේ මල් බබා ...
මෙ වසංගතය සෑම දෙවියෙක්ම කෝප වෙච්ච නිසා ස්වභාව දහම නිසාම දීපු එකක්.. දැන්වත් ස්වභාව දහමට, දෙවියන්ට ගරු කරපල්ලා...
අනුන්ට හොරෙන් ඊර්ෂ්‍යා කරන මානසික රෝගීන් 22 ක් මේ පිටුව බලලා තියෙනවා.