(නිමන්ති රණසිංහ)
"මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා කොරෝනාවලට බෙහෙතක් හොයන්න උත්සාහ ගනිද්දි පොලීසිය ගොන් වැඩකර ඔවුන් අත්අඩංගුවට ගන්නවා’’ යැයි සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ නිරෝධායන කි‍්‍රයාවලියට දෝෂාරෝපණය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එස්. ප‍්‍රභාකරන් මහතා අද (08) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෞද්ගලික සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ලිහිණීයාවත්ත, කැළණීමුල්ල, අංගොඩ හර්ෂණ ශාමින්ද පෙරේරා නැමැත්තාය.
නිරෝධායන පනත, පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අද (08) පෙරවරුවේදීය.
පොලීසිය විසින් පුත්තලම ප‍්‍රදේශයේ දේවස්ථානයට ඇදිරි නිතිය සහ නිරෝධායන නිතිය කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් මෙම පුද්ගලයා සිය මුහුණු පොතේ වීඩියෝවක් මගින් ප‍්‍රචාරයක් ලබාදී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
මේ වහන්සේලාට..., දැන් මේක දැන් විහිළුවක් වෙලා. අපි ඉන්න දියුණුයි කියන බටහිර රටවල් සමග සංසන්දනය කරනවිට ලංකාවේ නිරෝධායන ක්‍රියාවලිය ඉතාමත් උසස් තත්වයක තියන බව ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ වාගේ මිනිසුන්ට, අනිත් අයටත් පාඩමක් වෙන්න.
මම හිතන්නෙ මෙම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියට නොව මුස්ලිම් මිනිසුන්ට අපහාස කිරීම සඳහා සාකැසම් යොදාගෙන තිබෙන බවයි. එය ඔහුටම පාරාවලලක් වී තිබෙනවා .
මෙහෙමද බැනලා තිබුනේ? මේ වචනම නම් පාවිච්චි කරලා තිබුනේ, මට පේන්නෙ ඔහු කරලා තියෙන්නේ පොලිසිය විවේචනය කිරීමක් නෙමෙයි, අනිත් පාර්ශවය උපහාසයට ලක් කිරීමක්. පොලෝසියට පොඩි පුහුණුවක් දෙන්න වෙනවා හාස්‍යය සහ උපහාසය දනවන වැකි වල තේරුම අඳුන ගන්න. කොතලාවල හමුදා රෝහල ගැන කියපු දේකටත් තරුණයෙක් අත් අඩංගුවට අරන් තිබුන. රටේ ඉහලම දේශපාලකයෝ ලංකාවේ රෝහල් වලට නොගිහින් සිංගප්පුරු යන රටේ, උසාවියෙන් හිරේට යවන ප්‍රභූන් වෙනුවෙන්ම හිර ගෙවල්වල විශේෂිත කුටි හදල, රෝහල්වල කාමර වෙන් කරලා තියෙන රටේ, කොතලාවල රෝහලත් ප්‍රභූන්ට විතරයි කියල මිනිස්සු උපකල්පනය කරන එක හිරේ දාන වරදක් නෙමෙයි. අප්‍රේල් විහිළුවක් කරපු කාන්තාවකුත් අත්අඩංගුවට අරන් තිබුන. අප්‍රේල් 1 නෙමෙයි ඔය විහිළුව නිකම් දවසක හරි "අගමැතිතුමා" ගැන කරල තිබුන නම්, එතුමා හයියෙන් හිනා වෙලා නිකම් ඉඳියි, උසාවි ගෙනියන්නේ නැහැ. හමුදා නිලධාරියෙක් දේශපාලනය කරන කරන කොට වගේම, හමුදාව, පොලිසිය වෙනදට වඩා කිට්ටුවෙන් සිවිල් ජනතාව එක්ක ගැටෙන කොට, විවේචන, අපහාස, උපහාස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ලයිම් ලයිට් බලාගෙනම වැඩ කරන්න එපා. ඔබට හිමි ප්‍රසංශාව මිනිස්සුන්ට බලය පෙන්නලා ගන්න හදන්න එපා.
අද කාලේ අපේ දෙවිවරු වගේ මිහිපිට සිටින්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා සෞඛ්‍ය සෙවයේ උත්තමයෝ තමයි. ඔවුන්ට ගරහන එවුන් තමයි වසලයෝ කියන්නේ. මුන්වගේ තවමත් බොරු මිත්‍යා විශ්වාස කරතියන් ඉන්න අමනයෝ ජාතියක් තවත් මේ ලෝකේ නැතුව ඇති. මුන් අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙට ම පිළිලයක් බව ඔප්පු වෙලා ඉවරයි. අපේ මිහිපිට ඉන්න සැබෑ දෙවිවරුන්ට තෙරුවන් සරණයි.
මෙහෙමත් මෝඩ රටක්? මමත් දැක්ක ඔය video එක. හාස්‍යට හදල තිබ්බ එකටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනාවා නම් හිතාගන්න බෑ මොනවා කියන්නද කියල...? දෙයක් තේරුම් ගන්න බෑ මේ රටේ මිනිස්සුන්ට.
ආසාධිතයන් ලක්ෂ ගණනක් ඉන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ තවම කිසිමකෙනෙක් මුහුනුපොතේ හෝ වෙනත් මාධ්‍යක් කල ප්‍රකාශයකට අත්අඩංගුවට අරගෙන නැහැ. කෝ ඉතින් ඇමරිකාවට බනින අය. කෙනෙකුගේ ජිවිතයට තර්ජනය නොකර ඕනෑ තරම් බනින්න. ලංකාවේ මොන ප්‍රකාශය කලත් කුඩුවේද?
මේක බරපතලයි විවේචනය කරන්නත් බැරිද? බොරු පුවත් මැවීම සහ විවේචනය කියන්නෙ දෙකක්, බොරු කීම කවදත් අහිතකරයි. ඒත් විවේචනය යහපත් දෙයක්,
මමත් මේ විඩියෝ එක බැලුවා. මේ කෙනා විඩියෝව මගින් උපහාසයට ලක් කර ඇත්තේ දෙවියන් වදින්න ගිය මිනිස්සු මිසක් නිරෝදායන කටයුතු නොවේ.
අංගොඩ ඉන්න අයට තියෙන මානසික රෝගය නිසා මේක කරන්න ඇති. ඔන්න ඔය මනුස්සයාව මානසික රෝහලට අරගෙන ගිහින් අර රෝසපාට පෙති ටිකක් අරගෙන දෙන්න. ඒ ගමන්ම ප්‍රභාකරන් මහත්මයාටත් ඒ පෙතිටිකක් පොවන්න. දෙන්නටම සුවවේවි. පොලිසියේ මහත්වරුන්ටත් මේ බේත් හොඳයි..