(ජේ.කේ.එල් චාමින්ද සහ සිරිනිහාල් ගමගේ)
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත්සැකකරු කොහොඹබලාදෙණිය පොද්දල ප්‍රදේශයේ පදිංචිතිස්පස් හැවිරිදි වියේ පසුවන අයෙකි.. මෙකි සැකකරු වදුරඹ පොලිස් බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින එක් නිවසකට හා පොද්දල ප්‍රදේශයේ නිවාස 04ක ගොස් ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත සැකකරු අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලයකට අනුයුක්තව සේවය කරණ . දුම්මැෂින් යන්ත්‍රි ක්‍රියාකරුවෙකු බව පොලිසිය පවසයි.
සැකකරු මැදකිඹිය වරකපිටිකන්ද ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින කාන්තාවකගේ නිවසට අත්දිග සුදුකමිසයකින් හා දුඹුරුපැහැති කලිසමකින් සැරසි ගොස් ඇත. තමන් පහළ කිඹිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බවත් අසනිප තත්වයක් තිබෙනවානම් තමන්ට දැනුම් දෙන ලෙස සැකකරු කාන්තාවට ඔහුගේ දුරකථනය අංකය ලබාදි ඇත. පසුව මොහු මෙකි කාන්තාවගේ හැදුනුම්පත ඉල්ලා එය සිය ජංගම දුරකථනයෙන් ඡයාරුපයක්ගෙන ඇති බවද පොලිසිය පවසයි. පසුව මොහු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාටද දුරකථනයෙන් කථාකොට ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සොයා නොලැබිම පිළිබද දොස් පවරා ඇති බවද පොලිසිය පවසයි.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව අන් අයෙකු ලෙස පෙනිසිටිමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වදුරඹ පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.
COMMENTS
වහාම අරගෙන ගොස් නිරෝධායනය කර අංගොඩ යවන්න.
පුදුම පිස්සෝනේ ඉන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් වෙන්න ඕනෑ නම් ගිහින් ඉගෙන ගනින්කෝ අනුන්ට කරදර කරන්නේ නැතිව...
ඔන්න නියම වැඩ කාරයෝ ....පඩි නැතුවත් ජොබ් කරනවා....පඩි අරගෙන වැඩ නොකරන අයට ආදර්ශවත් පුද්ගලයෙක්......:) :)