IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුසලි ප්‍රා. සභා සභාපති නිවෙසේම නිරෝධායනයට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සිය පුත්තලම 4 කනුව ප්‍රදේශයේ නිවස තුළ පවුලේ පිරිස සමග නිරෝධායනයට ලක් කල බව (22) පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කනුව වේප්පමඩුව ප්‍රදේශයේ පවුලේ සාමාජීකයින් සමග නිරෝධායනයට ලක් කර ඇත්තේ මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති අබ්දුල් ගපුර් මොහොමඩ් සුපිහාන් නැමති අය බව කියයි.

මුසලි ප්‍රාදේශීය සභාවට අයත් කැබ් නිළ කැබ් රථයෙන් මෙම සභාපතිවරයා දිනකට පෙර නිවසට පැමින ඇති බවත් මේ පිළිබදව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට හා පුත්තලම පොලිස්ථානයට ලැබුන විශේෂ තොරතුරක් මත අදාල නිවසට (22) දින අදාල කණ්ඩායම් ගොස් තිබුනී.

කෙසේ නමුත් අදාල සභාපතිවරයා සෞඛ්‍ය අංශ හා පොලිස් නිළධාරින් සභාපතිවරයා නිවසට පැමිනි ස්ථානය හා පැමිනි දිනය පිළිබදව විමසා ඇතත් එය නිවැරදිව සනාථ කිරිමට අපොසත් වි ඇති බව කියයි.

ඒ හේතුවෙන් සභාපතිවරයාගේ ජෛව පටල සාම්පල ලබා ගෙන එය පරික්ෂාවට යැවිමට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා එන තුර සභාපතිවරයා ඇතුළු අදාල නිවසේ පිරිස නිරෝධායනයට ලක් කල බවත් පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසිය .



අදහස් (2)

මුසලි ප්‍රා. සභා සභාපති නිවෙසේම නිරෝධායනයට

lalithm Thursday, 23 April 2020 03:09 AM

ඒ කියන්නේ දැන් ලංකාවේ කොහේ හරි පළාතක ජීවත් වෙලා තමාගේ ගෙදරට ආවත් නිරෝධායන ක්‍රියාවට යටත් වෙන්න ඕනේ කියන එකනේද. මිනිසුන්ට මේ පණිවුඩය හරියට තේරිලා නැහැ තවම. මොන විදියකින් හරි පදිංචිය වෙනස් කලොත් නිරෝධායනය වෙන්න වෙනවා කියල පණිවුඩය හරියටම යන්න ඕනේ. දුර පළාතක රැකියාවට ගිහින් නිවාඩු ආවත්?

:       0       1

chinthana Thursday, 23 April 2020 07:47 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීලා තමන්ගේ කොට්ටාශයේ පදිංචි නෑ. ඉන්නේ කොළඹ. දැන් ප්‍රාදේශීය සබා මන්ත‍්‍රීලත් කොට්ටාශයේ පදිංචි නෑ... ඔක්කොම පැරෂුට් කාරයෝ තමන්ට ජිවත්වෙන්න පුළුවන් තරමටවත් තමන්ගේ කොට්ටාශය දියුණු කරගන්න බැරි මුන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site