(මොහොමඩ් ආසික්)
දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.
සාමාන්‍යයෙන් සෑම සිකුරාදාවකම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව පැවැත් වුවද කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් සම සංගමය පවසයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පස්වේල් සලාතය ඇතුළු සියලු යාඥාවන් තම තමන්ගේ නිවෙස්වලදීම සිදු කර ගන්නා ලෙසත් එම සංගමය මුස්ලිම් ජනතාව වෙත උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේ ඔය පුජාව ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව පවත්වන්න, අනික දවසට පස් වතාවක් ශබ්ද කරන එක නවත්වන්න.
හපොයි.. මේ මොකද වුනේ..
පරිචේදය් : අල් බකරා 155: අනිවාර්යෙන්ම අපි නුබලව පරීක්ෂාවට ලක් කරන්නෙමු , බිය , කුසගින්න , වස්තුව සහ ධනය ව්නාශවීම, ජීවිත විනාශයන් , පලතුරු විනාශවීම තුලින් , නමුත් ඉවසීමෙන් සිටින්නහට අපගේ ශුබ ආරන්චියන් ලැබෙනු ඇත . 156: මහා විපත්තීන් ඔවුන් හට ලගාවූ විට ඔවුන් පවසාවි "සත්‍ය වශයෙන්ම අපි අල්ලාහ්ට අයත් වූවන්ය අපි ඔහු කරාම නැවත යන්නෙමු" .
අපරාදේ දෙවියන්ට කියලා මේක නවත්වන්න තිබුණු අවස්ථාව!