මැලේසියාවට පනවාතිබූ නිවාස වලට කොටු කිරීමේ සීමාව අප්‍රේල් 14වැනිදා දක්වා දීර්ඝ කරන බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් අද (25) ප්‍රකාශ කළේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාවේ සියලු කටයුතු මාර්තු 18 වැනිදා දක්වා නවතා දමන බව එරට අග්‍රාමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.
බදාදා (25) වනවිට මැලේසියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 172 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,796ක් දක්වා වැඩිවිය.
ජනතාවට අවශ්‍ය පරිදි ආහාර ඇතුළු ද්‍රව්‍ය සැපයීම කළ හැකි යැයි එහිදි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කොරෝනා ආසාදනය වී ඇතැයි සැක සියලු දෙනා පරීක්ෂා කරන බවත් එම පරීක්ෂා කිරීම් වැඩි කරන බවත් පැවැසීය. විශේෂයෙන්ම වයිරසය පැතිර යෑමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කර බලන බව ද හෙතෙම කීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවටත් ඔහොම වුණානම් අපි ගැන කවර කතාද? ඔය රටේ නම් කෑම බීම හිගයක් නැතුව ඇති. ඒකටත් වැරද්ද අපේ කෑම බීම රටාව. කෝකටත් හාල්, පොල්, පරිප්පු අල ඕනේ නෙව.