(එස්. ඩි.කොඩිකාර )
ඇදිරි නීති බලපත්රයක් නොමැතිව අනුරාධපුර ප්රදේශයේ සිට මාතර, මාලිම්බඩ ප්රදේශයේ නිවසකට පැමිණි හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු සහ එම නිවසේ තිදෙනෙකු හට දින 14 ක් ස්වයං නිරෝධානය වීම සඳහා අද (10) මාලිම්බඩ පොලිසිය මගින් උපදෙස් ලබා දී ඔවුන් පැමිණි මෝටර් රථය සහ එම නිවෙස් හිමියන්ගේ ත්රිරෝද රථය පොලිස් භාරයට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි .
ඊට අමතරව දින 14 ස්වයං නිරෝධායනය වීම අවසන් වීමෙන් පසුව ඔවුන් මාතර මහේස්ත්රාත් අධිකරණයේ නිරෝධාන පනත යටතේ නඩු පවරන බවද පොලිසිය කියයි .
ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව මාලිම්බඩ ප්රදේශයේ මෙම නිවස පරීක්ෂා කිරීමේදී හිමිනම ඇතුළු කණ්ඩායම සොයා ගෙන ඇති අතර පසුව ඔවුන්ට නිවසින් බැහැර නොවන ලෙස තරයේ අවවාද කර නිවසද විශබීජහරණය කල බව ඒ සදහා සහභාගි වූ පොලිස් නිලධාරීයෙකු පැවසීය .
COMMENTS
අනුන්ට බන දෙසුවට තමන්ට මොලේ නැනේ... හරිම කණගාටුයි...
හාමුදුරුවන්ට නීතීවිරෝධීව ඇවිත් ගෙවල් තුළට වෙලා ඉන්න කිසිම හේතුවක් නෑ. මේ ගැන හොදින් සොයා බැලිය යුතුයි.
ඒ හාමුදුරුවොත් පුත්තලම් පැත්තේ කෙනෙක් වගේ හැසිරීම කණගාටුදායකයි. ගරුතර මහනාහිමිවරුවත් ඉදිරිපත්වෙලා ඒ උන්නාන්සේ සසුනෙන් පලවා හරින්න ඕනේ නොවෙයිද? ඔබ වහන්සේලාගේ උපදෙසුත් අනුගමනය නොකළ ක්රියාවක්. තවත් මෙවැනි සිද්ධි වලක්වා ගත්තේ නැතිනම් අර අජිත් රෝහණ මහතා කිව්වා වගේ ගාල කඩාගෙන යන්න පටන් ගනීවි. මාලිම්බඩ වාසීන්ට හිස නමා ආචාර කළ යුතුයි.
ස්වාමින් වහන්සේලා ගිහි ජනතාවට අවවාද අනුශාසනා කරන්න ඕන කාලයක උන්වහන්සේලා හැසිරෙන හැටි..
දුප්පත් කමට කන්ඩ නැතිව මහන කරලා. ගතින් මිස හිතින් මහන වී නැත.
දැක්කෙ නෑ වගේ යන්න ඕන.