( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .
අදාල දේව මෙහෙය අද (16) දින දහවල් පවත්වමින් තිබියදී මාරවිල පොලිසිය හා මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් වැටලිමට කටයුතු කර තිබුනී.
මාරවිල නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුඩා දරුවන් සිව් දෙනෙකු සමග තවත් 27 දෙනෙකු සහභාගිකරවා ගනිමින් අදාල දේව ගැතිවරයා දේව මෙහෙය පවත්වමින් සිටි බව කියයි.
මෙම දේව මෙහෙයට එක් වි සිටි පිරිස අතර කාන්තාවන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටි බව කියයි.
මෙම දේව මෙහෙයට සහභාගිවු පිරිස අතරින් කිප දෙනෙකු මුඛ ආවරණ පවා නොමැතිව සිටි බව කියයි.
නිරෝධායන පනත අනුව මෙසේ පිරිස් රැස් කරමින් කිසිදු කටයුත්තක් පැවැත්විම තහනම් කර තිබුයදි මෙම දේව ගැතිවරයා අවස්ථා ගනනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශ වාසින් පොලිසියට පැමිනිලි කර තිබුනී.
එසේම දේව ගැතිවරයා මෙයට පෙර ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයවල් පැවැත්විම සම්බන්ධව මාරවිල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය කියයි.
දේව මෙහෙය පැවැත්වු දේව ගැතිවරයාට විරුද්ධව නිරෝධායන පනත අනුව අදාල නීතියම කටයුතු සිදුකරන බව මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එම් .වජීර නිලන්ත මහතා පවසයි.




COMMENTS
ඔතන දේවගැතිවරයා කරලා තියෙන්නේ සමහරවිට දැන් ලංකාවෙ තියන ප‍්‍රශ්නය දෙවියන්ට කියන්න ඇති..
දේව මෙහෙය තිබ්බේ නැත්නම් සල්ලි හබ්වෙන්නේ නැහැ. ඒකයි. දෙයියන්ට වඩා සල්ලි ලොකුයි.
මේ පුජකවරයාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත්, පසුගිය දවස්වල බේරුවල ප්‍රදේශයේ එක්තරා විශාල මුස්ලිම් පල්ලියක මීට වඩා විශාල ගණනක් රැස්වී ආගමික ක්‍රියාවක් තිබුණා. ආරක්ෂක අංශ පැමිණියා. පල්ලියේ සිටි බලවතුන් එකා මෙන් මහා හඬක් නැගුවා. ඉන්පසු ඔවුන් ඇතුලතින් ගේට්ටුවට ඉබියතුරු දැම්මා. ආරක්ෂක අංශ ආපසු හැරී ආවා. වැඩේ එච්චරයි. ඒත්, බෞද්ධ, කිතුනු අයට හරියටම නීතිය ක්‍රියාත්මක වෙන බව පේනවා.
තැබෑරුම් ටික ඇරල මේවගේ දේවල් නවත්තන එක විහිලුවක්. ඒ වගේම මිනිස්කමටත් නිගාවක්.
බොහෝදුරට මෙය ප්‍රධාන පිලිගත් පල්ලියක් නොවෙන්න ඕන. එවැනි කන්ඩායම් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඔන. මේවා එක්කෝ සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඔන.. සහරාන් වගේම පිලිල තමා පොඩි පොඩි නිල නොලත් ආගමික කල්ලිත්..
ඔය වගේ අය මෙහෙත් ඉන්නවා. මේවා කතෝලික රටවල් ඒවට බැන බැන මෙහෙන්ම කකා පල්ලි වලින් කකා ඇදුණුත් අරන් තව කතෝලිකයන්ට බනිනවා පල්ලිවලට බනිනවා.... එක්තරා විදිහට එයාලත් අන්තවාදී සංවිධානයක්...
බාර් ඇරියට කමක් නැද්ද... එතැන නිරෝධායන පනත ක‍්‍රියාත්මක වෙනවද?
කොන්ද පන තියෙන නියම නිලධාරියෙක්. ආගම් මිත්‍යා පස්සේ තවත් ලැජ්ජා නැතිව බඩගානවනේ... මෙච්චර දහස් ගානක් ලෝකේ මැරෙන කොට එයින් එකෙක් බේරගන්න බැරිඋන දෙයියෙක් පස්සේ. පල්ලි, පන්සල්, දේවාල, කෝවිල් වල ඇති දෙයක් නැති බවත් සියල්ල ස්වභාව ධර්මයට අනුකුල මනුෂ්‍යත්වය මත පමණක් පවතින බවත් මේ වසංගත කාලේ මනාව ඔප්පු වී ඇත.
පිස්සු වැඩ නොකර හිටියනම් ඉක්මනට මෙ කොරෝන එක ඉවර කරන්න පුළුවන්...
අනෙක් ආගම්වලට විතරද මේ නිතිය තියෙන්නේ? මම දැක්ක වෙසක් දවසේ පන්නිපිටියේ ප්‍රසිද්ද විහාරස්ථානයක්.... දායකයන් විශාල පිරිසක් ගෙන්වාගෙන සිල් සමාදන් කරනවා .
ඇදහීමෙන් සුවය. කොරෝනාවෙන් මරණය.
කෝ ? මේ නිලධාරීන් ග්ලවුස් දාලා නැහැනේ අත්වලට. මාස්ක් එකත් හරියට දාල නැහැ එක්කෙනෙක්. මේ අය වයිරසය ව්‍යාප්ත කෙරුවොත් එහෙම... නේවී එකෙන් උනා වගේ. වයිරසයේ භයානක බව මේ අය ප්‍රථමයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත්.
දේවගැතිවරුනි, මේ කොරෝනා තත්වය හෝ ඔබගේ වෙනත් කිසිදු දේකට දෙවියන්ට විසඳුම් නොමැති බව පසක් කර ගන්න. සියල්ල සිදුවන්නේ ඔබලා කරනා කුසල් සහ අකුසල් මතයි. නොපමාව කුසල්හි නිරත වන්න. එයයි එකම ගැලවීම.
මේ දේවගැතිවරයෙක් නොවේ. තනිකරම හොරෙක්. මාරවිල හා වෙන්නප්පුව පොලිසිවල මොහුට විරුද්ධව ඕනෑතරම් පැමිණිලි තිබෙනවා. බිරිඳගෙන් වෙන්වීම පිළිබඳව මාරවිල උසාවියේ නඩුවක් තිබෙනවා. මේ වනවිට කටුනේරිය ප්‍රදේශයෙන් කාන්තාවක් රවටා ගෙන ගොස් පවුල් කනවා. එත්, මේ පින්තුරවල පාස්ටර්වරයා නැහැ.
ඕක මොකක්ද රටේ නායකයා මේ ලඟදි මහා පිරිසක් පිරිවරාගෙන කතරගම, අනුරාධපුර සහ හොරණ කිට්ටුව පන්සල් ගණනාවකට ගිහිල්ල පුජා පැවැත්තුවේ, පිරිත් කිව්වේ. රටේ පාලකයන්ගේ තියෙන්නේ කකුළු න්‍යාය, උන් ඇදේට ගිහිල්ල අනිත් උන්ට කෙලින් පලයන් කියනවා. ඉතින් කොහෙද රටවල් හැදෙන්නේ.
සහභාගී වෙලා තියෙන්නේ වැඩි හරියක්ම කාන්තාවන් නෙව.
ආගම ධර්මය නෙවෙයි මෙතන ප්‍රශ්නය. මාරාන්තික කොරෝනා නැති කරන්න ආගමික හෝ වෙනත් පිරිස් එක්රැස්කිරීමෙන් වැලකී සිටීම මේ රෝගයෙන් බේරී සිටීමට අත්‍යාවශ්‍යයි.
මස ගානක් වුණා..තාම කොරෝනාව පාලනය කරලා ඉවරනේ. බාර් ඇරලා මිනිස්සුන්ගේ මානව අයිතියක්.... තමන්ගේ ආගම අදහන එක හමුදා පාලනේ... ඒකත් නැතිකරලා දැන් සැපද?
මේ කාලකන්නින්ගෙන් මිනිසේකුටවත් , ලෝකයටත් , මහා පොළොවටත් වැඩක් නැහැ . යුරෝපා රටවලවත් ඇමරිකන් රටවලවත් කිසිම නුතන තරුණ තරුණියන් පල්ලිවල යන්නේ නැහැ. දේව ධර්මය නැතිවීගෙන තැනට ඇවිත් තියෙන්නේ . පල්ලි, පන්සල්, කෝවිල් වලට යන මෝඩයින්ට, ඉන්දියාවේ, පාකිස්තානේ, බංග්ලාදේශයේ පොලිස් කාරයෝ පොලුවලින් තමයි කියා දෙන්නේ . මිනිසා අත්අඩංගුවේ තබා ගෙන දෙවියෙක් හෝ දෙවිවරු රාශියක් මවාගෙන බොරුවක් කරනවා.
මෙහි අදහස් පළකොට ඇති බොහොමයක් මෝඩයින්.
මේකේ මම දැක්ක එක්කෙනෙක් දාල තිබ්බ බිෂොප් පැලස් එකේ සල්ලි ගනින්නේ සවලෙන් කියලා, එතකොට ලංකාවේ ධනවත් පන්සල් වලට හම්බ වෙන සල්ලි ගනින්නේ මොකෙන්ද? හොඳම උදහරණය තමයි කළුතර බෝධියට ලැබෙන සල්ලි... ඒවා ගනින්නේ මොකෙන්ද? ඒ සල්ලි වලට මොනද වෙන්නේ? හොදට මතක තියාගන්න කතෝලික නොවුනත් පාස්කු ප‍්‍රහාරයෙන් හානිවූ මඩකලපුවේ සියොන් පල්ලියටත් දුන්නේ බිෂොප් බව. අනිත් එක පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වෙලා ඉන්න අයට තාමත් උදව් කරන්නේ බිෂොප් පලචේ එකෙන් බව. මගෙත් එක්ක ඉගෙන ගත්ත දැන් පියතුමෙක් වෙලා ඉන්න සහෝදරයෙක් අපේ සංගමයෙන් ලැබුන ආදර වලින් අනුරාධපුර ඉන්න දුපපත් මිනිස්සුන්ට ආධාර බෙදල දුන්න. එතැනදී අපි අහන්නේ නැහැ මේවා දෙන්නේ කාටද කියල...? කරුණාකරලා කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ට ඇඟිලි කීයක් දික් වෙනවද කියල බලන්න. අපි මිනිහෙක්ට උදව් කරන්න කලින් එයාගේ කුලේ මොකක්ද කියලා හොයන්නේනේ නැහැ... උදව් කරනවා මිසක්. අදත් හොදට මතක තියාගන්න මහන කරන්නත් කුලේ හොයනවා බව. අඩු කුලේ අයට අදටත් සලකන්නේ එදා විදිහටම තමයි.
පවතින පැහැදිලි වාතාවරණය තූළ නැවත නැවත මෙවැනි දෑ සිදු වන්නේ කොරෝනා බෝ කිරීමේ දුෂ්ඨ අරමුණින් විය හැකිය.
අදහස් දක්වා ඇති සියලුම උගත් බු. වෙත, ශ්‍රී ලාංකිකයන් ලෙසට සියලුම දෙනාට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇත. නමුත් බයිබල තුළ පැහැදිලිවම කියා ඇත .රටේ පාලකයන්ට අපි කීකරු විය යුතුය. එම පුද්ගලයා වරදක් කරන්න ඇති. නමුත් සමස්ත කිතුණුවන් එම කෝණයෙන් බලන්න එපා. කොරෝනා සුව කිරීම ගැන ජේසුස් වහන්සේට දොස් කියන්න එපා.
දේව මෙහෙය තියෙනකොට නීතිය ටොප් එකට කරනවා. අර රැස්වීම් තිබ්බේ දැනුවත් කරන්න කියා කියා, එතකොට කිසිම් අනීතියක් ක්‍රියාත්මක උනේ නෑ. අපේ රටේ නීතිය කරන උන්ගේ අමනකම් පේනවා නේද? බයියන්ගේ අවධානයට.
රට පෙරට, කැරකිල එන්නෙ බයියො ගාවට. කොරෝනාවට බයියො, ජෙප්පො, කජ්ජො වෙනසක් නෑ. කාටත් එකම ගේමම තමයි.
බඩගෝස්තරය වෙනුවෙන් දෙවියන්ව විකුණගෙන කන තක්කඩි පුද්ගලයාව පැත්තක තියලා දෙවියන්ව විවේචනය කරන අමනුස්ස, අඥාන අධමයෝ ජීවත් වෙලා ඉන්න රටක් වෙලා මේක දැන්? මොකක්දෝ කරුමයකට බුද්ධ දර්ශනය අඥාන අමනයින් අතට පත්වෙලා. බුදුන්ගේ උතුම් දහම විකුණගෙන කාල බඩ පුරෝගෙන සමාජය මත පහරන පුජකයින් සිටින රටක දෙවියන්ව විකුණගෙන කමින් (නුගත් ජනතාව මුලා කරමින්) ජීවත්වෙන මෙවැනි අමනයින් ගැන කවර කතාද? රටේ පවතින නීතිය අමුඅමුවේ උල්ලංගනය කර ඇති මේ පුද්ගලයාගේ නමක් ගමක් සඳහන් නොකිරීම හා ඔහුගේ චායාරුපයක් පල නොකිරීම පිටුපස තිබෙන රහස කුමක්ද? මේ පුද්ගලයා ගැන රාජ්‍ය බුද්ධි අංශ සොයාගත් කරුණු මොනවාද? ඒ ගැන අපි අවදියෙන්?
අමල් මහත්තයෝ, බාර් ඇරීමෙන් ඔහෙට මොකවත් පාඩුවක් සිද්ද වුනාද? කසිප්පු ටික විකුණා ගන්න බැරි වෙච්ච පලියට බාර්වලට පලි දරන්න එපා. දෙවියන්ගේ අභිප්‍රාය අනුව කැමති කෙනෙක් ලයිසොන් අරක්කු පොජ්ජක් සප්පායම් වීම රටේ ආර්ථිකයට වුනත් හොඳයි නේද? බාර් අරින්නේ නැතුව හිටියොත් බාර් කාරයන්ටත් පන්දාහේ දීමනාව ගෙවන්න වේවි!
රටේ පවතින කොරෝනාව අස්සේ, රටේ නීතියත් කඩලා කුසගින්න නිවා ගැනීමට වෙරදරන දේව ගැතිවරයා යයි කියා ගන්න හාදය ගැන කිසිවක් සඳහන් නොකර දෙයියන්ව විවේචනය කිරීම, දෙයියන් ගැන සමහරක්ගේ හිතේ තිබුන පරණ කෝන්තරයක් පිරිමහ ගන්නවා වගේ වැඩක්. එක අතකට ඉතින්, අතින් වියදම් කරගෙන දිව්‍ය ලෝකෙ යනවට වඩා, ගෙදර ඉඳලා නොමිලේම දිව්‍ය ලෝකේ යන්න තියනවා නම්, අතේ තියන සල්ලිත් ඉතුරුයි, රටේ පාලකයෝ නොමිලේම අපිව දිව්‍ය ලෝකෙත් ඇරලා... දෙයියන් අදහන රටවල් වලට ගොස් බඩ කට පුරෝගෙන, ඒ රටවලට අයිති දෙයියන්ව විවේචනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය නම් මාරයි..