(නිමන්ති රණසිංහ)
මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය බවත්, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිටි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS
Reply To:
-
මෙතුමා නිදහස් වෙනකන් අපි කොච්චර බලාගෙන හිටියද.?
කොරෝනා හින්ද අව්ලක් නැ
කුඩු දුමින්දත් මේ අතරේ හෙමිහිට එලියට දාන්න බැරි නැහැ.
ඉන්පසු ඔහුට සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් ලබා දෙන්න . ක්‍රියා පටිපාටිය එයයි.
විය යුත්තේ එයයි ඔබ කෙසේ සිතුවත්...
සදුසුකම තිබෙනවා නම් වැරද්දක් තිබෙනවාද? උස කොට සුදුසුකමටද රැකියාවල් දෙන්න ඕනේ. අපි දැක්ක කට්ට අවුවේ පෝලිමේ තියලා රැකියාවල් දුන්න හැටි. සුදුසුකම "සමීතියේ ලේකම්ගේ " ලියුම.
අන්තිමේ හරි සුනිල් රත්නායකව නිදහස් කරපු එක ගැන සතුටුයි. 2002 ඉඳන් සුනිල් අවුරුදු 13ක් හිරේ හිටිය. ඊට පස්සේ 2015 වහල් ආණ්ඩුව ආපු ගමන් මරණ දණ්ඩනය නියම වෙලා තවත් අවුරුදු 5ක් හිරේ හිටිය. හැබැයි සුනිල්ව නිදහස් කලේ සුනිල් ගැන තිබ්බ සැබෑ කැක්කුමකින් නෙමෙයි. එහෙම තිබ්බ නම් සුනිල්ව නිදහස් කරන්නේ ජනාධිපතිවරණෙ දිනපු දවසේමයි. එහෙම කලේ නැහැ. 2015 සුනිල් මරණ දණ්ඩනයට නියම වෙච්ච දවසේ ඉඳන් අපි නිතරම ලිව්ව දෙයක් ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් සුනිල්ව නිදහස් කල යුතුයි කියන එක. හැබැයි ජනාධිපතිවරණෙ දින්නම සුනිල්ව අමතක කළා. ඒ වෙනුවට ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ දම්මල මාධ්‍ය හමු තිබ්බේ, නිදහස් කරන්න කියල පාරවල් වල උද්ඝෝෂණ තිබ්බේ, ජනාධිපතිගේ ගජ මිතුරෙක්ව. අදත් මේ සුනිල්ව නිදහස් කලේ ඒකට පාර කපන්න ඕනේ හින්ද. සුනිල් මේක බැලුවොත්, ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සේවය කල ඔබව නිදහස් කරා කියල කිසිවෙකුට ණයගැති හෝ කෘතඥ විය යුතු නැහැ. මිනිස්සු අහන්න ඕනේ ජනාධිපතිවරණෙට පස්සේ දවසේ නැතුව සුනිල්ව නිදහස් කරන්න මාස 4ක් ගත කලේ මොකද කියල...
සැමට එකම නීතියක්........
බොරදියේ මාළු බානවා කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලටයි.මේ...අර මරණ දණ්ඩනය නියමවෙලා කුඩුවේ ඉන්න, දියවන්නාවේ හිටපු කුඩු මුදලාලියාව නිදහස් කරගන්න යොදන ප්ලැන් එකේ පටන් ගැන්මද...?මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම සමාජ විරෝධී දෙයක් බව වගකිවයුත්තන්ට තේරෙන්නේ නැහැයි කියන්න බැහැ. මරණිය දණ්ඩනය හිමිවුවන්ට නිදහස දීමේ බලය ජනාධිපතිට අහිමි කලයුතුයි.
මේ වගේ මිනීමරුවන්ට දේශපාලුවන්ගේ මාර්ගයෙන් නිදහස හිමිවෙනවා නම් නිතිය කාටද....? රණවිරුවා, අරු.. මු ..කියලා වෙනසක් නැහැ. යමෙක් යමෙක්ව මැරුවා නම් ඒ පුද්ගලයා මිනිමරුවෙක්. දැන් ඉතින් රටවැසියන්ට තියෙන්නේ " නන්නාදුනන තුවක්කුකරුගේ" නීතියේ පිහිට පැතීම පමණයි. නන්නාදුනන තුවක්කුකරුවාණෙනි, මෙන්න ඔබට බිල්ලක්. පවු නැහැ.
හ්ම්...! බලාගෙන යනකොට, "නිදහස" ලබපු මේ සිරකරුවාත් පහුගිය කාලේදී එක පතේම කාපු අය වගෙයි !!! මොකද්ද ඔහුට නිදහසක් දෙන්න තිබුන විශේෂ අවස්ථාව ? මේ "අවස්ථාව" සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහභාගී සිටීමෙන්ම මෙය ඉතාම විශේෂ අවස්ථාවක් වග පේනවා ! එයාටත් වෙන වැඩ නැති බව පේනවා... රටවැසියාත්, හිටපු විරුද්ධ පක්ෂයත් කොරෝනා භීතියෙන් අසරණව සිටින මෙවැනි අවස්ථාවක මේවගේ "සිල්ලර" වැඩ ගැන ඔවුන්ට හිතන්න බැරි දිනක මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව හිටපු සගයෙක් නිදහස් කර ගෙදර යැවීම ඉතාම ලජ්ජා සහගත කාරණාවක් නොවේද? දන්නේ නැති නිසයි අහන්නේ....මොකද්ද මේ 'මිරුසුවිල් සිද්ධිය' කියන්නේ ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ...
මෙච්චරකල් ඔහු හිරේ හිටියේ ඔවුන්ගේ අත් අඩංගුෙවෙන් මිදීගිය කොටි සාමාජිකයෙකුගේ සාක්ෂි මතයි. මෙතන ලොකු කුමන්ත්‍රණයක්. අවසානයේ සුනිල්ට කොටි සාමාජිකයින් සමග එකම මෙච්චරකල් ඔහු හිරේ හිටියේ ඔවුන්ගේ අත් අඩංගුෙවෙන් මිදීගිය කොටි සාමාජිකයෙකුගේ සාක්ෂි මතයි. මෙතන ලොකු කුමන්ත්‍රණයක්. අවසානයේ සුනිල්ට කොටි සාමාජිකයින් සමග එකම කූඩුවේ ඉන්න සිදුවුනා. හිතන්න එපා නැවත කවදාවත් රට වෙනුවෙන් මොවුන් ඉදිරිපත් වෙයි කියා. ජනපතිතුමනි, ඔබට ලොකු පිනක් මොහු නිදහස් කළ එක.
Nandalal DE SILVA - ලංකාවේ සිටින සෑම සිංහල කෙනෙකුගේ අභිප‍්‍රාය ඔහු නිදහස් වීමයි. ආදරයෙදී හා යුද්ධයේදී සිදුවන සෑම දෙයක්ම සාධාරණයි කියන ඉංග්‍රීසි කියමන ඔබ අසා තිබෙනවාද?
ඔහු නිදහස් උනේ හැට නව ලක්ෂයක් බහුතරයෙන් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමයි. ජනතා පරමාධිපත්‍යය