(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහනගර සභා බලප්‍රදේශයේ පවුල් 9000 ක් සඳහා වියළි සලාක මලු නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ සහ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකත්වයෙන් අද (26) සිදුකෙරිණි.
මොරටුව කොට්ඨාස 29 ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක වු අතර හඳුනාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා මෙම මලු බෙදා දුන්නේය.
කොරෝනා වසන්ගතයෙන් ජනතාව ආරක්ෂා සහ ඉදිරි දිනයේ බඩු මිලදීගැනීම සඳහා මිනිසුන් එක්රොක් වීම අවම කිරීමේ අරමුණින් මෙය සංවිධානය කොට තිබුණි .
ගෙන් ගෙට ගොස් බෙදා හැරි එක මල්ලක හාල් කිලෝ 3, පොල් ගෙඩියක් , සැමන්ටින් 1 (ලොකු ), පිටි 1kg , පරිප්පු 1kg, සීනි 500g , සෝයා 100g , ලුණු කුඩු 1 ක් පැකට් , ළුණු 1kg , මිරිස්කුඩු , බිස්කට් අඩංගුව තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි සැමට...