IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මීරීගමින් ආ කොළඹ කෝච්චියේ මගීන් 35 යි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

කෝවිඩ් - 19 වයිරසයේ බලපෑමෙන් පසුව ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මීරිගම දුම්රිය ස්ථානයේ සිට සේවා ස්ථාන සඳහා යාමට මගින් 84 දෙනකුට පහසුකම් සලසා තිබුණා ද එයින් 50 ක් පමණ දෙනා පැමිණ සිටියේ නැත.  

මගින් 35 දෙනෙකු නියමිත පරිදි අවසර පත්‍ර ලබා ගත් අතර  ගම්පහ ප්‍රදේශයේ සේවා ස්ථාන සඳහා යන මගීන් වෙනුවෙන් එම දුම්රිය නොනැවැත්වීම හේතුවෙන් මගීන් කිහිප දෙනෙක් ආපසු ගියහ. මීරිගමින් ආරම්භ කළ දුම්රිය ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබුණේ දෙමටගොඩ මරදාන සහ කොළඹ කොටුව යන දුම්රිය ස්ථාන වල පමණි

දුම්රිය මගීන්  නිසි ක්‍රමවේදය මත දුම්රිය ස්ථානයට ඇතුළු කර ගැනීම දුම්රිය බලධාරීන්ගේ හා පොලීසිය මැදිහත් වීම මත අද( 11 ) උදේ සිදු කෙරිණි.  දුම්රිය මගීන්ට ලැබී ඇති දුරකථන පණිවිඩය පරීක්ෂාකර බලා අදාල අවසර පත්‍රය ලබාදී ලබා ඔවුන් දුම්රියපළට ඇතුළත් කරගනු ලැබිණ.

තවත් මගීන් පිරිසක් රාජකාරි ස්ථාන සඳහා ගමන් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා දුම්රිය පලට පැමිණියද ලැබී ඇති නාම ලේඛනයේ නම සඳහන් නොවීම හේතුවෙන් ඔවුනට දුම්රිය ගමන් කිරීම අවස්ථාව ලැබුණේ නැත .

මෙම දුම්රිය ද නියමිත වේලාවට වඩා විනාඩි විස්සක පමණ ප්‍රමාදයකින් යුතුව ධාවනය කරනු ලැබිණි .



අදහස් (2)

මීරීගමින් ආ කොළඹ කෝච්චියේ මගීන් 35 යි

Prasad Monday, 11 May 2020 07:10 AM

මෙක දුවවන්න අපේ මහරජතුමාට කීයක් වියදම් ගියාද කියලා හොයන්න...

:       9       4

chandanaMonday, 11 May 2020 06:02 PM

කවදා හරි දුම්රිය සේවය පටන් ගන්න අවශ්‍යයි. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම අවශ්‍යයි. අද පාඩු පිට හරි පටන් ගත්තොත් හෙට අනිද්දා දවසින් දවස මගීන් වැඩි වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙයි. ලාභ පාඩු ගැන හිතලා දුම්රිය නැවැත්තුවොත් ඒකත් ප්‍රයිවට් බස් කාරයොන්ගේ තත්වයට පත් වෙනවා. අද නියමිත මගී සංඛ්‍යාවේ නීතිය නිසා තමන්ට ලාභ නොලැබෙන බව දැනගෙන ප්‍රයිවෙට් බස් කාරයෝ බස් දුවන්නේ නැහැ. ඒකෙන් අසරණ වෙන්නේ ජනතාව. දුම්රිය එහෙම නෙවෙයි. ඒක සාමාන්‍ය ජනතාවට සහනදායී ගමනාගමන සේවයක්. මගීන් දැනට තාවකාලිකව අසරණ වෙන්නේ මේ ක්‍රමය හඳුනාගෙන ඒකට හුරු වෙනකම් විතරයි. හැම දෙයක්ම දවසින් දවස පියවරෙන් පියවර හොදින් සිදුවෙයි. ලෝකයටම බලපාන, මහ බලවතුන් පවා හෙම්බත් කරපු මේ වසංගතය හමුවේ සුභවාදීව, ජනතාවාදීව ඒකට මුහුණ දෙන විදිය, ඒකෙන් නැගිටීමට උත්සාහ කරන විදිහ අතිශයින් ප්‍රශංසනීයයි. ඔබ වැන්නන්ට ඒවා දකිද්දී ඇහේ කටු ඇනෙනවා වගේ වේදනාවක් ඇති. ඒත් අතිබහුතරයක් ඒ දිහා සුභවාදීව බලාගෙන සිටිනවා.

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 729 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 895 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site