තරංග ගුණරත්න
වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගත්තේය.
වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි වයස 54 වන කාන්තාවක් දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර එම කාන්තාව අද ( 7 ) දින උදැසන 6:00 පමණ අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් පුද්ගලික මෝටර් රථයක් මගින් වහාම මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ.
එහිදී වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී .
එහෙත් එම උපදෙස් නොකතා එම කාන්තාව නැවත නිවස වෙත ගෙන එන අතරතුර මියගොස් තිබේ.
අනතුරුව පවුලේ සමාජිකයන් සහ ඥාතිවරුන් විසින් මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් සිට ඇත.
එහිදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත .
ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගන්නා ලදී .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් සියල්ලමට මරණය නියතයි. අල්ලාහ් ඇගේ ආත්මය නිරයෙන් ආරක්ෂා කර ස්වර්ගවාසී උත්තමයන් සමග නිත්‍යය මරණින් මතු ජීවිතයේ ජය ගෙනදේවා! ඇගේ ඥාතීන්ට ඉවසීම ලබාදේවා!
මේ පුද්ගලික රෝහල් බෙහෙත් කරන්නේ සනීපෙන් ඉන්න මිනිස්සුන්ටද? අවසානයේ පිහිටට එන්නේ රජයේ රෝහල් පමණි.
රටේ නීතියට අවනත වීම අපහාසයක්, අවමානයක් හෝ මදිකමක් කියලා වගෙයි මේ කට්ටිය හිතන්නේ සහ වැඩකරන්නේ. නමුත් මේ ක්‍රියාවන් නිසා තමන් සමාජයෙන් කොන්වෙනවා කියන එක මේ අයට වැටහෙන්නේ නැහැ.
කොහොමටත් ඔය අයට කොරෝනා...
දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බව මෙහි සඳහන් වනවා... එමනිසා මිහිදන් කිරිම වරදක්ද? ඔවුන් මුස්ලිම් නිසාද? සියලුම ජාතීන්ට එක සේ සලකන උතුම් ක්‍රියාවක්, බුද්ධාගමත් කියන්නේ ඒකමයි....
රටේ වසංගතයක් බෝවෙන වෙලාවේ මේ සමහර මිනිස්සුන්ගෙන් තියෙන්නේ පුදුම කරදරයක්....
මේ දවස්වල මේ රටේ මරණයක් වුණාම ක්‍රියා කරන්න ඕන විදියක් තියනවා.... එකට ආගමක්, ජාතියක්, ජන්මයක් බලපාන්නේ නැහැ. මේ කාලකන්නි හැතිකරේ ඒක දන්නේ නැහැ වගේ හොඳ වෙලාවට වැලිගම පොලීසියට කොන්දක් තිබුන මේක නවත්තන්න... ඉස්සර කාලේ මේක උනානම් එක කෝල් එකයි පොලීසියට. ඔක්කොම ඉවරයි දැන් ඉතින් ඒ ගොන් පාට් බැරි හින්ද අර මොනවද කාපු රිලව් වගේ ඉන්න එකයි තියෙන්නේ...
මෙම ප්‍රවුර්තිය රජයේ අවධානය යොමුවිය යුතු එකක් ලෙසයි මම හිතන්නේ හේතුව.... මෙම මරනය තුල බොහෝ සැකකටයුතු බොහොදෙවල් ඇතිබව පෙනී යන නිසයි පළමුව මරණ සහතිකයක් පවා නොමැතිව මෘත ශරීරය භූමදානයට පිළියෙළ කිරීමයි දෙවනුව මියගිය නොමැති පුද්ගලයෙක් ලෙස රජයේ ලිය කියවිලි සදහන් එම කාන්තාවගේ නමින් තවත් කාන්තාවක් පිට රටක සිට මෙරට පැමිණ ශ‍්‍රී ලාංකිකයකු ලෙස පෙනීසිටීමටද හැකිවීම නිසයි මෙවැනි සිද්ධීන් පෙරද මෙරට සිදුවී ඇතිබවට ආරංචි ඇති නිසයි සදහන් කලේ...
මේ මිනිස්සු මොනවා හිතන් ඉන්නවද මන්දා. හිතුවක්කාර සමාජ සහ සදාචාර විරෝධී වැඩ කරන්නේ නිකං ඒගොල්ලන්ට උඩින් කවුරුත් නෑ වගේ හිතලා. පුදුම උද්දච්ච කමක්.
ඔව් තාරක, ඔක්කොම හිතන් ඉන්නේ නම් එහෙමයි. බලන්න ඒ අයගේ පැත්තක පාරක යන්න පුලුවන්ද කියලා..? හැබැයි එකම දේ තියෙන්නේ දැන් ඒ අයට එහෙම හිතාගෙන ඉන්න විතරයි පුළුවන්...
ඒ මනුස්සයාට මොනවත් නැහැ. ස්වභාවික මරණයක්... ජාතිවාදියෝ එක එක දේවල් කරනවා. සිංහලයාට එක නීතියයි. මුස්ලිම් මිනිහාට එක නීතියයි ගැන කතා කරන්න ගියොත් මේ සිංහල රටේ... ආ... තව එකක්.., මේ ළඟදී මාස 6ක පොඩි ළමයෙක් නැතිවුණා... ඒ බබාගේ ඇඟ කපලා කොටලා විනාශ කරලා පස්සේ දොස්තර සමාව ඉල්ලනවා.